ජන්ද උන්මාදය හා අවුරුදු උණුසුම මැකීයාමට මත්තෙන්ම තවත් උන්මාදයක් ලංකා රූපවාහිනි ආයතන මගින් පටන අරගෙන තිබේ.එනම් තරු බිහිකිරීමෙ තරග වල අවසන් භාගයයි.ලංකාවෙ තරු බිහි කිරීම අලුත් දෙයක් නොවුවත් එයට ඇති සාමන්‍ය මධ්‍යම පාන්තික ජනතාවගෙ ඇල්ම කිසිලෙසකින් ඈත් වී ඇතැයි සිතිය නොහැක.නමුත් මෙවර බොහෝ භෞතික සාධක හේතුවෙන් තරු බිහි කිරීමෙ තරග වලට ඇති ජනතා අවධානය අඩු වී ඇති බව පැහදිලිවම පෙනෙන්නට තිබෙ.තරගයෙ අවසන් වට වලට පැමිනෙන්නවු තරග කරුවන්ගෙ අනාගතය කෙසෙ වුවත්,අඩු තරමෙ තරග පැවත්වෙන කාලසීමාවෙවත් ඔවුන්ගෙ ජනප්‍රියත්වය(නියම වචනය ප්‍රසිද්ධිය )හිනිපෙත්තට යන්තම් පහලින් පැමිනීම සාමන්‍ය සංසිද්ධියකි.නමුත් මෙවර එය අපේක්ශිත මට්ටමට වඩා බෙහෙවින් පහල බව පිලිගනු මනාය.ඒ සදහා නාලිකා අයිතිකරුවන් කලබල නොවිය යුත්තෙ,මේ සදහා හේතුව ඔවුන්ට පැහැදිලි බැවිනි.කෙටියෙන්ම කීවොත් විවිධ පක්ශ පාට උදෙසා පෙනීසිට ඒ වෙනුවෙන් කතා කර මොල අවුල්කරගැනීමෙන් දින සතක් ඉක්ම යාමට පෙර ශරීරයෙ තෙල් මට්ටම හා සීනි මට්ටම සීග්‍රයෙන් ඉහල යාමට හේතුවන කටයුතු වල යෙදීමෙන් කය මෙන්ම මනසද හෙම්බත් වූ ප්‍රේක්ශක පිරිසකගින් මීට වැඩි යමක් බලාපොරොත්තු වීම සාධරණ නොවීම දැක්විය හැක.

කවුරු කෙසේ පැවසුවත් ලංකාවෙ ගයන තරු බිහි කිරීමෙ තරග අතුරින් ඉදිරියෙන්ම සිටින්නෙ තරගාවලි දෙකක් පමනි,එනම් සිරස සුපර් ස්ටාර්(SSS ) සහ දෙරණ ඩ්‍රීම් ස්ටාර්( DDS) පමනි. මෙයිනුත් සිරස සුපර් ස්ටාර් අනෙකට වඩා දශමයකින් හො ඉදිරියෙන් සිටින අතර එයට එහි ලංකාව තුල ඇති වැඩිමහලු භාවයත්,මොනදේ උනත් සිරස බලන නොසැලෙන ප්‍රෙක්ශක පිරිසත් හේතුවන බව මගෙ සිතුවිල්ලය.අද වන විට මෙවර SSS හි තරු සතරක් ඉතුරු වී ඇති අතර ඔවුන් විවිධ ගායන පරාසයන් හිමි ඔවුන්ට ආවේනික වූ ගායන විදි අනුගමය කරති.සතුටු විය යුත්තෙ මෙවනි එකිනෙකට වෙනස් ගායන පරාස හිමි වෙනස් සංගීත ක්‍රම නිවරදිව අදුනාගෙන ඔවුන්ව පමනක් අවසන් හතරදෙනා අතරට ගෙන එමට තරම් විචක්ශන බුද්ධියකින් හෙබි ජනතාවක් අප අතර සිටීම කෙරෙහිය(?).කාන්තා පක්ශය නියොජනය කරමින් කාන්තාවකුත්,ශාස්ත්‍රීය ගායනා වර්ණනා කරන්නන් වෙනුවෙන් තවත් අයෙකුත්,සාමන්‍ය මහජනතාව ප්‍රියකරන සරල ගායනා විශිශ්ට ලෙස ඉදිරිපත් කරන හදවතට සමීප(ජෝතිපාල ටයිප් )පුද්ගලයෙකුත් නවක පරපුර නියොජන කරන කෙස්වැටිය කඩා ගත් සහස්‍රකයෙ ගීත අපුරුවට ගායනා කරන තවත් අයෙකුත් ගෙන් සමන්විත් මේ තරු හතර දුටු විට එක්වරම මතකෙට නැගෙන්නෙ බහු ආගමික හා බහු ජාතික දිසාවක අපෙක්ශක ලයිස්තුවය.කාන්තා ජන්ද කඩා ගැනීමට කාන්තවකුත්,මුස්ලින් ජන්ද සදහා මුස්ලිම් ජාතිකයෙකුත්,වැදගත් යැයි සම්මත අයවලුන් උදෙසා බුද්ධිමතෙකුත් තොරා ගැනීම ජනතාවගෙ කැමත්ත නොවන අතර පක්ශයෙ කැමත්ත වේ,ජන්ද දායකයා කරන්නෙ ඔවුන්ට ලැබී ඇති විකල්ප අතුරින් එකක් තොරා ගැනීම පමනි.එසෙනම් මෙම තරග හරහා සිදු වන්නේද එයමද?කෙසේ වුවත් තරග කරුවන්ගෙ හැකියාව ගැන ප්‍රශ්නය ඇති වීමට නොහැක,ප්‍රශ්නය වන්නෙ ජනතාවගෙ කැමත්තට ලැබුනු වටිනාකම කොපමනද කියා පමනි.
දෙරණ ආයතනයෙ තරගයත් මීට දෙවනි නැත.අහිංසක වෙස්මුහුන පැලද සිටියද SMS generatorහි countඑක වැඩි කර ගැනීමට උපක්‍රමයක් යොදා නොගැනිවියැයි සිතිය නොහැක.ඇත්ත වශයෙන්ම තරගකාරී වෙලද සම්ප්‍රදාය හමුවේ අහිංසකයා යනු ඩාවින්ගෙ න්‍යාය අනුව ශ්‍යයවී යාමට වඩාත්ම ඉඩක් ඇත්තාය.ලබන සෙනසුරාදා පැවත් වීමට නියමිත DDSහිද කාන්තා නියොජනයක්,ශස්ත්‍රිය නියොජනයක් හා රොක් ගායන විදියෙන් තරුණ සිත්( sms ?) ඇද බැද ගත හැකි නියොජනයත්ද ඇතුලත්ය.

එක් අතකින් මෙය සාධරනය,සංගීත බුද්ධිය අවම බහුතරයක් බාහිර ආටොපයට රැවටි බිහි කරන්නවු තරු වල අනාගතය බෙහෙවින් අදුරුය.එවන් අවස්තාවක නියම අවශ්‍යයතාව අදුරාගෙන ඔවුන්ව ඉදිරියට ගෙන ඒම පැසසිය යුත්තකි.කාරනාව එසේනම් කිමටද මේ යථාර්ථවාදී වචන, කෙටි පණිවිඩ මනාප.කෙසේ වුවත් මෙම සම්ප්‍රදායන් වෙනස් කිරීමට උත්සාහ කිරීම බීරි අලින්ට වීනා වැයීමක් වැන්නය.සති අන්තයේදි ගීතයක් රස විදීමට ඔවුන් ලබාදී ඇති අවස්ථාව අගය කලයුතු අතර ඒවා රස විදින අතරතුර මේවහි යථාර්තය නියම ලෙස වටහාගැනීමද විවෘත මනසකින් යුතුවද සිටීමෙන් වඩා වැඩි රසවින්දනයක් ලබා ගත හැකි බව මාගෙ විශ්වසයයි.

ආරම්බයක්....

අපිට එදිනෙදා ජීවිතයෙ දකින්න වෙන දේවල් එකිනෙකාට හාත්පසින්ම වෙනස්.ඉතින් අපට ඒ සියලු අත්දැකීම් එකිනෙකා අතරෙ හුවමාරු කරගන්න පුලුවන් නන් අපිට ඒවා ජීවිතයෙ කවද හරි මොකට හරි ප්‍රයොජනවත් වෙවි.මම කාලයක් ජාලයෙ සැරිසරමින් ඔබ සැමගෙ අත්දැකීම් මම දැනගත්තා,ඒව කියෙව්ව,බොහොවෙලාවට එවයින් නව අදහස් මගෙ මනසට එකතු වුනා.නමුත් කාලයක් යද්දි මට සිතුන මගෙනුත් යමක් ජාලයට නැත්නම් මගෙ මිතුරන්ට දෙන්න අවශ්‍යයි කියා.ඒ අදහස මත ආරම්බ උන ලියවිල්ලක් තමයි "වැට නැති කට".
අපි ඔක්කොම අහල තියනවනෙ පැරණි උපහැරනය,රට වට කර වැට බැන්දත්,කට වට කර වැට බදින්න බැරි කතාව.කට වට කර වැට බදින්න පුලුවන් නන් හොදයි කේලාම්,ඕපාදුප සහ අනෙක් නොයෙක් සම්ප්‍රප්පලාබ පිටවන කටක් නන්.නමුත් අදහස් ප්‍රකාශ කිරීමෙ ප්‍රබලම මාධ්‍යය වන කට එහෙමත් නත්නම් වචනයට වැට කඩුලු බැදීම හො එසේ බැදීමට උත්සාහ කිරීම බලවත් වැරද්දක්.සෑම පුරවැසියෙකුටම තම අදහස් ප්‍රකශ කිරීමෙ පූර්ණ නීතිමය හා සදාචරාත්මක අයිතියද එවහි ගුණදොස් විචාර විවේචනය කිරීමෙ අයිතියද උපතින්ම හිමිවෙනව.ඉතින් මිතුර මාගෙ මේ වෑයමත් එවන්නක්.ඔබේද අයිතිය හා යුතුකම වන්නෙ අන්‍යයන්ගේ අදහස් වලට ගරු කරමින් මාගෙ ගුණදොස් විචාලමින් මාව දිරිමත් කිරීමයි මිතුර,ඔබට ස්තුතියි.