ලංකාවේ හොදම ගායිකාව මෙන්න

කාලය ඉතා වේගයෙන් ගමන් කරනවා.පසුගිය මාස දෙකේම විභාග හා වැඩ කන්දකට මැදිවී සිටි මට යාන්තම් සති දෙකක ඉස්පාසුවක් ලැබීමෙන් අනතුරුවයි මම ලිපියක් ලියන්නේ.

විවිධ වැඩ කටයුතු වලට කොතරම් මැදිවී සිටියත් ඒ අතරේ එක් පුරුද්දක් මං ප්‍රගුණ කලා,හොද ගීත සොයාගෙන රසවිදීම කොතරම් රසවත් වැඩක්ද කියල තේරුනේ ඉන් පසුවයි.මෙතැනිදී හොද ගීත කියා හැදින්වීම ගැන එතරම් තැකීමක් කරන්න එපා,නරක ගීත කියා දෙයක් නොමැති බවයි මගේ හැගීම.ගීතයක හොද හෝ නරක බව අසන්නාට සාපේක්ශ්‍යයි.තනුව,පද රචනය ගායන හැරුනු විට ගීතයක ගුණාත්මක භාවය අසන්නාගේ වයස,සමාජය හා බුද්ධි මට්ටම අනුවද වෙනස් වනවා.මදකට හිතන්න ඔබ වයස 12-15 කාලයේදී,ඒ කියන්නේ යමක් කමක් තේරුම් ගත හැකි පලමු භාගයේදී ඔබේ ප්‍රියතම ගීත මොනවාද?මගේ නම් කණ්ඩායම් සංගීතය එකල ඉතා හිත් ගත් සංගීතයක වූවා,පසුව වයස 16-18 පමන වෙද්දී බටහිර සංගීතය පසුපස අප හමාගියා,නමුත් දැන් සමහරවිට එකල අපි සිතුවේවත් නැති සංගීතයක් දැන් රස විදිනවා.කාලයයි මෙයට හේතුව!
මේකට හොදම උදාහරනයක් ලෙසට මම කාලයක් තිස්සේ නිරීක්ශනය කල ලාංකීය ගුවන් විදුලි පෙරලිය හදුන්වන්න පුලුවන්.

මෙරට ප්‍රථම ජනප්‍රිය ආරේ ගුවන් විදුලිය වූ සිරස ගුවන් විදුලිය එය ආරම්බයේ විවිද ඇනුම් බැනුම් වලට ලක් වූයේ එහි ගුවන්ගත වන ගීත වල ප්‍රමිථිය සැලකීමට ලක්වෙමින්ය.එවකට නව යොවුන් වියේ පසුවූ සිරස කාර්ය මණ්ඩලය හා බලධාරීන් තමන්ට රිසි සේ නව ආකරයේ රැඩිකල් ගමනක් පටන් ගත් ආකරයයි ඒ.නමුත් අද ඒ කාර්ය මණ්ඩලය වසර 15කින් පමණ වයසට ගොස් ඇත.අද සිරසෙ වැඩ පටන් ගන්නේ පිරිත් ඇස්සවීමෙන්ය,බහුලව යන්නේ 70,80 දශකයේ ගීතය කොටින්ම පෝය දවස්වල ආදර ගීතවත් ඔවුන් ප්‍රචාරය කරන්නේ නැත.මෙයයි කාලයේ හාස්කම.

කෙසේ නමුත් මගේ ලිපියේ අරමුන හොද නරක ගීත සංසන්දනය කිරීම නොව නියමිත පිලිතුරක් නොමැති ප්‍රශ්නයක් ගැන සාකච්චා කිරීමය.
ලංකාවේ හොදම ගායිකාව කව්ද?
නන්දා මාලිනී,ලතා වල්පොල,සුජාතා අත්තනායක,ඇන්ජලීන් ගුණතිලක,දීපිකා ප්‍රියදර්ශනී හෝ නිරෝශා විරාජනී හෝ වෙනයම් අයෙක්ද?


ගීතයක සාර්ථකත්වයට පද රචනය,සංගීතය හා ගායනය යන මේ තුන් පෙලම සාර්ථක විය යුතුවේ.නමුත් ඔබ දන්නවාද ඉතා අනර්ග ගායන හැකියාවක් නැතත් හොද ගීත රචනා හා තනු මාලා යොදා ගනිමින් පමනක් සාර්ථක වුනු ගායිකාවන් සිටින බව.එසේම තම අනර්ග ගායන පරාසයට හා හැකියාවට, රසයෙන් අඩු පද රචනා හා තනු හේතුවෙන් නිසිතැන නොලැබී ගිය ගායිකාවන්ද සිටින බව මගේ හැගීමයි.

මගේ නිගමනය බොහේ දෙනෙකුගේ දෝශ දර්ශනයට හේතු විය හැකි නමුත් මගේ අදහස අනුව නන්දා මාලිනියන් හා දීපිකා ප්‍රියදර්ශනී වැටෙන්නේ එම පලමු කොටසටය.නන්දා මාලිනිය සුනිල් ආරියරත්නයන්ගේ ආනුභාවයෙන් හෙල අඹරේ කාන්තා හඩ ලෙස සලකුනු වූ බව මාගේ හැගීමය.දීපිකා ප්‍රියදර්ශනත් රෝහන වීරසිංහගේ මධුර තනුවල උදව්වෙන් මිස තම පරම හැකියාවෙන් ලකුනක් තැබීමට නොහැකි වූ ගායිකාවකි.
එසේම ඉහත පැවසූ දෙවන කොටසට වැටෙන අය ලෙස මා දකින්නේ ලතා වල්පොල,ඇන්ජලින් ගුණතිලක වැන්නවුන්ය.ගායන පරාසය සිතා ගැනීමටත් අපහසු තරමට ඇති ඔවුන්,තම කටහඩින් නිසි ප්‍රයෝජන නොගත් බව මගේ හැගීමයි.නිරොශා විරාජිනියත් යමින් සිටින්නේ මේ පෙරමුනට බව මගේ හැගීමයි.උරේශා රවිහාරිත් ඉතා විශාල පරාසයක් හෙබි ගායිකාවත් වුවද චිත්‍රපටි ගායනයටම ඇය කොටු වී ඇතයි මට සිතේ.

කෙසේ නමුත් හොදම ගායිකාවට අවශ්‍ය හොද කටහඩක් පමනක්මද යන්න ප්‍රශ්නයකි.
ඔබේ අදහසත්,එසේම ඔබේ කෝණයෙන් ලංකාවේ හොදම ගායිකාවත් කොමෙන්ටුවකින් දාල යන්න.