මාර කම්මැලි දවස් ටිකක්...මාසෙකට එකක් හරි වෙන්න දාගෙන ආපු ලිපි ටිකේ රිදම් එකට හානියක් වෙන බව මටත් ටිකක් දැනුනා.ඒත් හත්වලාමේ මොනා කරන්නද?මොනා කියල ලියන්නද?කොහෙද දැන් ලියන්න කියල එහෙමට ප්‍රශ්ණ තියනවද?ආසියාවේ ආස්චර්වේ මොන ප්‍රශ්නද?තියන පෝර්න් ස්ටාර් ප්‍රශ්ණ, ගංවතුර ප්‍රශ්න අපේ කට්ටිය තියාගෙන හම ගහනව.අර පත්තරේ දැම්මයි කියපු අහිංසක හුරතල් ගෑණු දැරිවියන්ගේ මූනු ටික බල බල(තව මොනා නොබලනව ඇද්ද ) අපේ කට්ටිය හිටු කියල ආණ්ඩුවට බනිනවා.ඒ ලමයින්ගේ දෙමාපියන්ටවත් ඇතිවෙයි කියල හිතන්න බැරි සත්ව කරුනාවකින් අපේ කට්ටිය ලියන දේවල් දැකල අපිටත් මාරදුකක් තමයි ඇති වෙන්නේ.මොනා කරන්නද..?ඒව නන් කමක් නෑ කියමුකො,වැස්ස වළාහක දෙය්යන්ගේ ටයර් මාරුකරන එකාගෙ ඉදල උන්ගෙ අම්ම අප්ප මතක් කර කර බනින්න පටන් ගත්තෙ ඊයෙ ඉදන්..එක්කෝ හුලගට ගේ ගහගෙන ගිය එකෙක්..නැත්තන් අකුනක් වැදිලා ගෙදර ටීවී එක පිච්චෙච්ච එකෙක්..අඩුම තරමෙ තමන්ගෙ ජීප් එක ගංවතුරට ගහගෙන ගිය සංගාවත් කෑ ගහනවන් දුක නෑ.ඒ විතරයැ..නගර සභා කුනු ගෙනියන සෙල්වම් අය්යගේ ඉදන් ඩී ඇස් සේනානායක වෙනකම්ම පාලන තන්ත්‍රයට බනින එක..හැබැයි ඒක නන් එච්චර පුදුම වෙන්න දේකුත් නෙමේ..අල්ලපු වත්තේ මිනිහට පඩයක් ගියත් රාජපක්ශ පවුල් පාලනයට හරි රනිල්ගේ රට පාවාදීමට හරි බනින මිනිස්සු ඉන්න රටක ඕවත් වැඩද?

ඉතින් මොනා හරි ලියන්න කියල ඉන්න කොට තමා දැක්කේ සෝන් ද පෝල් ද මොකාද කියල හාදයෙක් අද ලංකාවට ආවලු.පොටෝ වගයක් එහෙම දාල තිබුන,හොද හයේ හතරෙ පොරක් වගේ පෙනුම.කොහෙද ඉතින් ඔය ජැමෙයිකාව පැත්තෙලුනේ මිනිහගේ ගෙවල් දොරවල්.පත සයිස්...මතකනෙ අර කොදෙව් ක්‍රිකට් පිලේ කට්ටිය එහෙම.



මිනිහටත් හැමෝටම අන්දන්න දෙන උඩරට නැට්ටුවෝ සෙට් එකයි,පොල් තෙල් පහනයි,අර දම්පාට මල්මාලයයි දාල පිලිගත්තලු.මිනිහා මාධ්‍ය සාකච්චාවකුත් තියල කිව්වලු ලංකාව හරි හොද රට,මිනිස්සු ඔදයි,ලස්සොන හිනාව ඔදයි,ආගන්තුක සත්කාරය ඔදයි කියල.කෝමද බටර් පාර...අපිනන් අහුවෙයි ඕවට...මාත් මේ දවස් වල මිනිහගේ වීඩියෝ හිටු ගාල බලනව ළමා සාරියක්වත් ඇද ගත්ත බිල්බෝර්ඩ් එකක්වත් තියනවද කියල..ඊටත් වඩා දැන් හොයන්න ඕන මූන වහගත්ත සිට්ටිමනී කෙනෙක් හරි මුස්ලිම් පල්ලියක් හරි ගෑවිලාවත් තියනවද කියල.හැබයි තිබුනොත් පුතෝ (වීසා කැන්සෙල් කරන්නනන් වෙන්නේ නෑ ,ඇවිල්ල ඉවරනේ )...උබව @#$%^ කරල (*&^% කරල තමයි පස්ස බලන්නේ.සැකනන් අහපන් සාරුකයගෙන්.ඔහොම නෙමේ සාරුකය මුදවපු කිරි ගාලත් බැරිවුනා බෝම්බ පාරෙන් බේරෙන්න,මෙයා එනව බටර් ගාන්න,කල්කිරිත් එක්ක චීස් වත් ගාල බලහන්.

කෙසේ වෙතත් වැරදිලාවත් අමතක වෙලා වගේ ඔය චූටි වැරද්දක් වෙලා තියනවනන් එක ක්‍රමයක් තියනවා ඒක හරි ගස්සවා ගන්න.19 වෙනකන් ඉදල ලොක්කගේ ප්‍රාප්තිය දවසේ ඉංග්‍රීසියෙන් දේශාභිමානී ගීතයක් කියල සීනි නැති කලු කෝපි කෝප්පයක් බීල පොටෝ එකකට ඉන්න පොරොන්දු වෙනවනන් ඔන්න අපිටත් පුලුවන් ඔය හිතල කොරපු වැරද්දක් නෙමේ කියල,එහෙම නැත්තන් ජනතාව නොමග යවන්න කරපු වැඩක් කියල හඩ්ඩට කියල ඔප්පු කරවන්න.හැබයි පුතෝ...උබ ප්‍රාප්තිය දවසේ ලොක්ක එක්ක සින්දු කියපු එක ඔලුවට අරන් ඔබාම අය්යට එහෙම චැලෙන්ජ් කරන්න එහෙම යනව නෙමෙයි,අන්තිමේදි උබට ගෙවල් ලගම ගුවන්තනමෝ එකේ නවාතැන් හම්බවෙයි.ඊට පස්සෙ අපි ලගට එහෙම එන්නේ නෑ නාහෙන් අඩාගෙන..කොටින්ම අපි අනුන්ගේ අභ්‍යන්තර ගැටලු වලට ප්‍රතිපත්තියක් විදිහට අත පොවන්නෙ නෑ.


දැන් කස්ටිය බලන්න යන්න එහෙම ඉන්නවද දන්නෙ නෑ සෝන් මලයව..අඩුම ටිකැට්ටුව රුපියල් වලින්ම පන්දාහක් පමනි.හැබයි මාගේ අවවාදය, සෝ එක පටන් ගන්න අවසන් තත්පරය දක්වා ටිකට් ගන්න එක පමා කරනවනන් හොදයි.නැත්තන් ආයෙ සෝ එකට කෙල වුව හොත් සල්ලි ඉල්ලනවා නන් බොරුය.ඒකෙන් මේකෙන් යාන්තන් මේ මාසෙට පෝස්ටයක් සෝන් කොලුවාට පින් සිද්ද වෙන්නට දා ගතිමි.