ආරම්බයක්....

අපිට එදිනෙදා ජීවිතයෙ දකින්න වෙන දේවල් එකිනෙකාට හාත්පසින්ම වෙනස්.ඉතින් අපට ඒ සියලු අත්දැකීම් එකිනෙකා අතරෙ හුවමාරු කරගන්න පුලුවන් නන් අපිට ඒවා ජීවිතයෙ කවද හරි මොකට හරි ප්‍රයොජනවත් වෙවි.මම කාලයක් ජාලයෙ සැරිසරමින් ඔබ සැමගෙ අත්දැකීම් මම දැනගත්තා,ඒව කියෙව්ව,බොහොවෙලාවට එවයින් නව අදහස් මගෙ මනසට එකතු වුනා.නමුත් කාලයක් යද්දි මට සිතුන මගෙනුත් යමක් ජාලයට නැත්නම් මගෙ මිතුරන්ට දෙන්න අවශ්‍යයි කියා.ඒ අදහස මත ආරම්බ උන ලියවිල්ලක් තමයි "වැට නැති කට".
අපි ඔක්කොම අහල තියනවනෙ පැරණි උපහැරනය,රට වට කර වැට බැන්දත්,කට වට කර වැට බදින්න බැරි කතාව.කට වට කර වැට බදින්න පුලුවන් නන් හොදයි කේලාම්,ඕපාදුප සහ අනෙක් නොයෙක් සම්ප්‍රප්පලාබ පිටවන කටක් නන්.නමුත් අදහස් ප්‍රකාශ කිරීමෙ ප්‍රබලම මාධ්‍යය වන කට එහෙමත් නත්නම් වචනයට වැට කඩුලු බැදීම හො එසේ බැදීමට උත්සාහ කිරීම බලවත් වැරද්දක්.සෑම පුරවැසියෙකුටම තම අදහස් ප්‍රකශ කිරීමෙ පූර්ණ නීතිමය හා සදාචරාත්මක අයිතියද එවහි ගුණදොස් විචාර විවේචනය කිරීමෙ අයිතියද උපතින්ම හිමිවෙනව.ඉතින් මිතුර මාගෙ මේ වෑයමත් එවන්නක්.ඔබේද අයිතිය හා යුතුකම වන්නෙ අන්‍යයන්ගේ අදහස් වලට ගරු කරමින් මාගෙ ගුණදොස් විචාලමින් මාව දිරිමත් කිරීමයි මිතුර,ඔබට ස්තුතියි.

1 comments:

මද්දු said...

ප්‍රතිචාරත් වැඩ ...