ඇත්තටම වීරවංශ වැරදිද?නෑ හරි..

මේ දවස්වල හැමතැනම වගේ අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි ශ්‍රී ලංකා ආන්ඩුවේ බරපතල අමාත්‍ය ධූරයක් හොබවන ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා තවත් විශාල පිරිසක් සමග එක්සත් ජාතින්ගෙ කාර්යාලය වටලා එහි සෙවකයන්ව බිය ගන්වා,උපවාසයක් ආරම්බ කිරීම.එක එක පිරිස් මෙය එක එක ආකරයෙන් දකින බවත්,සමහරුන් කියන්නා වාලේ තම අදහස් ප්‍රකාශ කරනු ලබනු දැකීමත් නිසා මේ ලිපිය ලියා තැබීමට සිතමි.ඊයේ රාත්‍රියේ සිරස රූපවහිනි News බලපු බොහෝ දෙනෙකුට මෙන්ම,මේ වනතෙක් අදහස් ප්‍රකාශ කල සෑම දෙනාගෙම අදහස වී ඇත්තෙ විමල් වීරවංශ තරම ගොනෙක්,තකතීරුවෙක් නොමැති බවයි.UNP කරයන් උඩ පැන පැන හිනා වෙන අතර,ශ්‍රී ලන්කා කාරයින් තමන්ට උනු ලැජ්ජව මකා ගැනීමට විමල් ගොය්යාට බනින අතර පවසන්නෙ මෙයින් කැත වුනේ ජනාදිපතිතුමාගේ කීර්ති නාමය බවයි.




ඇත්තටම මෙහිදී ඔය තරමටම ලැජ්ජා වීමට දෙයක් සිදු වුනිද?ටික දවසකට පෙර ආන්ඩු පක්ශයත් විපක්ශයත් මාධ්‍ය සාකච්චා තබමින් කියා සිටියේ බෑං-කී මූන් විසින් පත්කරනු ලැබූ කමිටුවට එරෙහිව තමන්ගේ විරොධය පලකරන බවය.වීරවංශ ගොය්යත් කලේ ඒ ටිකමය,නමුත් පිලිවෙත වෙනස්ය.තාමත් සම්පූර්නයෙන්ම මැකී නැති JVP ජාන වලින් ආ විරොදතා ආකල්පය ඔස්සේ ඔහු ක්‍රියාත්මක විය.මගේ අදහස නම් වැඩේ හරි ගිය බවය.ඔහුට සෑහෙන ජන බලකායක් සොයා ගැනීමට හැකිවිය.පොලීසියත් සමග ගැටුමෙන්,උපවාසයෙන් හා තොවිලයේ පිහිටින් දේශීය හා විදේශීය මධ්‍ය වල අවධානය යොමු කරගැනීමට සමත් වීමේන් මහින්දට කියලවත් කරගත් නොහැකි උදව්වක් නොමිලේම කර දුන්නේය.එනම් ආන්ඩුවට පරිභාහිරව රට වෙනුවෙන් එලියට එන්න සූදානම් ජනතාව දාහක්,දෙදාහක් කොයි වෙලේත් "ස්ටැන්ඩ් බයි" සිටින බවය.භූමියට පිටින් සිටගෙන කොතරම් හයිරන්කම් පෑවත් ඒවාට මුහුන දීමට ශක්තියක් දෙය්යන්ගේ පිහිටෙන් අපට ඇති අතර,හදිස්සියකට රටවල් දෙක තුනක් අප වෙනුවෙන් කතා කිරීමට ඇති බවත් පැහැදිලි කරුනුය.නමුත් හදිසි හමුදා ආක්‍රමනයකදී ඔය කිසිම රටක් අප වෙනුවෙන් ඉදිරිපත්නොවන බව අපේ අය මෙන්ම එහේ ඇමරිකන් කාරයොත් දනිති,එසේම අපිට ආර්ථික සම්බාධක පැන වුවොත් එයින් රිදෙන්නේ ආන්ඩුවට නොව,මහජනයා කුලප්පු වීමෙන් ධනපති ප්‍රතිරූපයට බවද දැන් ඔවුන් දැන ගන්න්වා විය යුතුයි. එම කරුන සුද්දාට සම්ප්‍රෙශනය කිරීමෙහිලා වීරවංශ ගරු ඇමති තුමා කර ඇත්තේ විශාල මෙහෙයකි.එය එතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව කලාද යන්න වෙනම් විමසා බැලිය ය්තු ප්‍රශ්නයකි.මෙතෙක් ඇමරිකා ප්‍රමුක බටහිරයන් අත පොවුනු ලැබූ සෑම රටක්ම ආන්ඩුව හා ජනතාව වශයෙන් දෙකට බෙදී පවතින අතර,එවන් වාතාවරනයක් සහිත් ඉරානයටත් තව ටික දොහකින් අත්වන්නේ ඉරාකයට,ඇෆ්ගනිස්තානයට අත්වූ ඉරනම බව කතාදෙකක් නැත.එවන් වාතාවරනයක ජානිපෙ ඉටුකරේ මෙහෙයකි,ඒ සදහා බැනුම් නොතරම්ය.

වීරවංශ මෙහෙය අඩු තක්සේරුවෙන් කතා කරන ඇතැමුන් නගන තවත් තර්කයක් නම්,මෙමගින් අප වටා ලේබල් වී ඇති මිලෙජ්ච් ලකුන තව තවත් තහවුරු වෙන අතර පොලීසි සමග ගැටීමත්,නීතිය අභිබවා යාමට උත්සාහ කිරීමත්,කතා කොට ප්‍රශ්න විසදා ගැනීමට නොහැකි වීමත් තුලින් ගෝත්‍රික ජනතාවක් බවට ශ්‍රී ලාංකික ජනතාව හන්වඩු ගැසෙන බවයි.මෙහිදී නැගෙන පැනය මෙම පැමිනි ජනතාව මුලු මහත් සමාජයම නියොජනය කරනවද?රටේ ආන්ඩුව සාකච්චා මට්ටමින් කරන මෙහෙයත් ගොත්‍රික සමාජයක ලක්ශනද?සෑම රටකම මෙවැනි පක්ශයක් රටක අවශ්‍යතාවයකි,ඉංදියාවේ රාජ් තැකරේ මෙයට හොදම නිදසුනකි.පෙලපාලියක් පැවැත්වූ සැනින්,පොලීසියත් සමග ගහගත් පමනින් ශ්‍රී ලාංකික ජනතාව මිලේච්ච ජාතියක් බවට පිලිගැනීමට නම් ඔහු හෝ ඇය CNN,BBC උදේ සවස නරබන,විවෘතව සිතීමට තරම් මොලය නොවැඩුනු අයෙක් විය යුතු බව මගේ හැගීමය.පසු ගිය දවස්වල G8 සමුලුව අතරවාරයේදී ඔබාමාගේ රූ පිලිස්සමින් පොලීසියත් සමග ගැටුම් ඇති කරගත් කැනඩා සුදු හම්ධාරීන් මිලෙච්චයො නොවන්නේද්,ඒව ජාත්‍යන්තර මාධ්‍ය සාධාරිනීකරනය කරන අතර ඔවුන් කියන කියන දේ පිලිගැනීමට සූදානම්ව සිටින අපේ සෘණාත්මක පිරිස් තමන්වම දකින්නේ මිලෙච්චයො ලෙසය.

මෙහිදී නැගෙන තවත් තර්කයක් වන්නේ රජයේ අමාත්‍ය ධූරයක් දරන අයෙක් මෙවැන්නක් කිරීම තුලින් රජයට අපකීර්තියක් ඇතිවන්නෙද යන්නයි.ඊයේ දහවල් සිරස ප්‍රවෘත්ති මගින් Breaking News දමමින් පෙන්වූ විමල්ගේ කතාවකින් ඔහු පැවසූයේ,මෙයින් පසුව තමන්ගේ ඇමතිකම නැති වූවත්,තමන්ව රජයෙන් අයින් කලත් තම ක්‍රියා මර්ගය අත් නොහරින බවත්ය,එසේ බලපෑම් ආවොත් තමන් මාරන්තික උපවාසයක් ආරම්භ කරන බවත්ය.එයින් ඔහු නොකියා පවසන්නේ මෙයට රජයේ අනුමැතිය නොමැති බවත් මෙය රජයට එරෙහිව යන ගමනක් බවත්ය.එසේම දැන හෝ නොදැන පොලීසිය සමග ඇතිවූ ගැටුමෙනුත් පිලිබෙව්වුයේ මෙම පෙලපාලියට රජයෙන් විරෝධය එල්ලවූ බවයි.



එසේ බලන විට සියල්ල වතුර සේ පැහැදිලිය,හරියට පෙර සැලසුම් කලාක් මෙනි.කෙසේ වෙතත් වීරවංශගේ තොවිලය මගින් ඔය කියන තරම් අපකීර්තියක් හෝ අවැඩක් සිදු නොවූ බව මගේ නිගමනය ය.සිදු වුයේ හොදක්මය.පාර්ලිමේන්තුවේ සිටින උපායෙහි දක්ශතමයාගෙන් (ඔහු මින් පෙරත් එය ඕනා තරම් ඔප්පු කර ඇත ) මෙවැන්නක් බලාපොරොත්තු විය යුතුමය.

1 comments:

නාමල් උඩලමත්ත said...

මේ ලිපියේ අපට එකඟ වෙන්න බැරි දේවල් තියෙනවා. නමුත් අලුතින් හිතන්න, යථාර්ථය දකින්න ගනිපු උත්සාහය හොඳයි. bbc,cnn බලන වෙන පරයෝ වගේ ඒවා සිංහලෙන් පළ නොකර ලෝකය දෙස තම ඇසින් බැලීම වටිනවා.විමල්ගේ කාර්යභාරය යුද සමයේ ඉඳලා විවේචනය කරපු උන් අදත් එහෙමයි. ඒත් උන්ගේ ළපටි මොළවලට තේරුම් යන්න තව කලක් යාවි.