මේ දවස් වල විද්‍යුත් තැපෑල තුලින් ඉතා විශාල වශයෙන් කතාබහට ලක්වෙලා තිබෙන හා නොයෙක් සංවාද මණ්ඩප සාකච්චාවට බදුන් වෙලා තියෙන දෙයක් තමයි හලාවත මුන්නේශ්වරම් කොවිලේ පැවැත්වීමට නියමිත සත්ව පූජාව හා එයට විරෝදය පෑම.බෞද්දයෙකු වශයෙන් මාගේ පෞද්ගලික අදහස නම් කිසිම සත්වයෙක් අනෙකෙක් වෙනුවෙන් නිරපරාදේ මැරීම හෝ මියයන තැනට අනුබල දීම දරුණු පාපකර්මයක් බවයි,නමුත් සමහර අවස්තාවලදී අකමැත්තෙන් හෝ කැමැත්තෙන් අප අතිනුත් වැරදි සිදුනොවෙන්න නොවේ.


නමුත් මාගේ මේ ලිපියේ අරමුන හදිස්සියේම මුන්නෙශ්වරමේ ආරම්භවීමට යන බිලි පූජාවක් සම්බන්දෙයෙන් සිංහල බෞද්ද යැයි හඩනගාගත් පිරිසක් විසින් කරන ලතෝනිය හා එහි යටි අරුත වටහාගැනීමට උත්සාහ දැරීමයි.පලමුව මොවුන්ගේ උදහසට ලක්වී ඇති මුන්නේශ්වරම පිලිබදව වචනයක් කීමට කැමැත්තෙමි.වසර 800කටත් වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මෙම කෝවිල ක්‍රි.ව 1200දී පමන ගම්වරයකින් තෙවන පරාක්‍රමබාහු රජ විසින් දුන් ඉඩමක් බව එතුල ඇති ලිඛිත සන්නස් මගින් සනාථ වනමුත් බහුතර ද්‍රවිඩ ජනයාගේ අදහස නම් මුන්නෙශ්වරම රාම-රාවනා යුගයේ සිට පැවත එන බවයි."නේශ්වරම්" යන්නෙන් අවසන් වන මුන්නෙශ්වරම්,කෝනෙශ්වරම් වැනි කෝවිල් කීපයක් ලංකාවේ තැන් කීපයක පිහිටුවා ඇති අතර ආගම් බේදයකින් තොරව අප සෑම දෙනාම ඒවා වන්දනාමාන කිරීම චිරාත් කාලයක් තිස්සේ පැවතීගෙන එන්නකි.එය එසේ වුවත් එම ඇදහීම් තුලින් ජනයාට හෝ අප අදහන ආගම් වලට එමගින් හානියක් සිදුවූයේ නැතිබව මගේ හැගීමය.සිදුවුනානම් සිදුවූයේ තවත් මිනිසා තම තමන්ගේ ආගම්වලට නැබුරුවීම සහ නොපෙනෙන දෙවියන් ඇදහීම මගින් මානසික ශක්තියක් අප තුල වර්ධනය වීමය.









මේ දිනවල පැතීරීයන විද්‍යුත් තැපෑල අනුව පැවසෙන්නේ අගෝස්තු 25 වන දින සිදුවීමට යන මහාසත්ව ගාතනයක් ලෙසින් හදුන්වන එලුවන් හා කුකුලන් 500ක් පමන මරාදැමීමට එරෙහිව තම විරෝදය දුරකතනයෙන් හෝ කෝවිලට , හලාවත ප්‍රා.ලේ කාර්යාලයට දැන්වීමට සලස්වන ලෙසය.මට මෙය දැකපුවෙලේ සිට සිතට වදදුන් කාරනයක් වුයේ වසර 800ක් තිස්සේ අප බෞද්ඩ් රජවරුන් විසින් මෙනම මීටත්වඩා ආගමික ඇල්මෙන් යුතු කාලවලදී පවා කතාබහට ලන්නොවුනු සිදුවීමක් මේ හදිස්සියේ පශ්චාත් යුධ සමයකදී කරලියට බැහීමකි.පසුගිය වසරේ මෙන්ම ඊට පෙරත් ඔවැනි බිලි පූජා අනන්ත්වත් මේ ධර්ම්ද්වීපයේ සිදුවීඇත,නමුත් මේ මොහොතේ මේ කල එලිබැස්සම ඉතා සැක සහිත වන්නේ පශ්චාත් යුධ සමයකින් පසු ජාතීන් අතර සමගිතාවය ගොඩනැන්වීමේ මහගු කර්ත්ව්‍යය අප ඉදිරිපිට තියෙද්දී අන්‍ය ආගමිකයන්ගේ ආගමික සංවේදී තැන් අලලා එයට පහරදීමක සේයාවක් මෙමගින් පෙනෙන නිසාය.



සෑම ආගමකට ඔවුන්ට ආවේනික වූ චාරිත්‍ර සිරිත් විරිත් පවතින අතර ඒවා අපිට පිලිකුල දක්වන නිසාම ඔවුන් වනචාරීන් හෝ තිරිසන්නු ලෙස හැදින්වීම කැප නොවේ.ලෝකයේ විවිදත්වයක් තිබිය යුතුය,එවිටය හරවත් දේ ඉහලත් අනෙක් සැම අගාදයටත් වැටීමෙන් බෞද්ද ආගම වැනි දර්ශනයක වටිනාකම තේරුම් ගැනීමට හැකිවන්නේ.අග්නිදිග ආසියාවෙ තායිලන්තය වියට්නාමය වැනි බෞද්ද රටවල් වල ජනතාව කැරපොත්තො,මීයො,සර්පයින් හා කෘමීන් පනපිටින් බැද ආහරයට ගැනීම අපට පිලිකුල් වුවත් ඔවුන්ගේ පරිසරයට අනුව එය හොද හැඩගැසීමකි.එසේම ඔවුන් එසේ කලා කියා බෞද්දයන් මහා තිරිසන් ජාතියක් ලෙස කීමට කාටත් බැරිය.එම නිසා මේ ප්‍රචාර හරහා නැවතත් කලු ජූලියකට රට තල්ලු කිරීමේ බරපතල උත්සාහයක් කවුරුන් හෝ තුල පවතී,මෙවර මෙය ආගමික ස්වරූපයෙන් යන බව පැහැදිලිය,මෑතකදී මුස්ලිම් ආගම්
සම්බන්දයෙන්ද එකිනෙකා කුපිත කිරීමේ වෑයමක් තිබෙන බව පැහැදිලිව නිරීක්ශනයේදී ප්‍රත්‍යක්ශ වේ.

අන්‍ය ආගමික කෝවිලක් වූ පලියටම එහිසිදුවන බිලිපූජා තිරිසන් වැඩක් සේ දකින අපේ සමහර ඇත්තන්ට මතක් කර දෙන්නේ ඔය කරන විරෝධයම මෙට්‍රික් ටොන් වලින් සතියට කුකුල්ලු හරක් එලුවො මරන මස්කඩ කාරයන්ටත් යොමු කරන ලෙසය,ඒ ඉරිදට කුකුලෙක් මරන ගමේ ගොය්යන්ට නොව පුලුවන්නම් බයිරහ,කීල්ස්,වීහේන හෝ මැක්සීස් මහත්වරුන්ට විරුද්දවය.ඔය මහා පරිමාණ ෆාම් වල කුකුලන් එලුවන් ඌරන් හදන්නේ හුරතලේටවත් කරත්තේ බදින්නවත් නොව මසටය.ඒවාට විරුද්දව වචනයක් කීමට බැරි අපේ අය හදිස්සියේ දෙමලුන්ගේ ආගමික සංවේදී ස්ථාන අලලා ඉදිරිපත් කරන මෙවැනි කරුනු යට අරමුනක් සහිත පිරිසක් විසින් සංවිදාත්මකව කරන බව පැහැදිලිවේ.


මෙමගින් අපගේ නිවට නියාලු කම ප්‍රදර්ශනය වේයැයි කවුරුන් හෝ කිව්වොත් අපට කීමට ඇත්තේ අනුන්ගේ උගුල්වලට අසුවෙමින් කරන දේශ ප්‍රේමය මෝඩකමක් බවත් අතීතයේදීත් දේශපාලකයින්ගේ උගුල්වලට අසුවී එහි පල විපාක මෑතක් වනතුරුත් අප ගෙවුව බවත්ය.එකිනෙකා කිවුව පමනින් රෙද්ද උස්සගෙන යෑම මදකොට හෝ නතරකොට තාර්කිකව සිතාබලා තීරන ගන්නේ නම් මැනවි.

12 comments:

charmi said...

මදුදු, මේකනම් හොඳ සටහනක්.
මගේ යාලුවන්ටත් බලාගන්න ලින්ක් එකක් දැම්මා.

Shadow/හේමලයා said...

අමු ඇත්ත...ගෙරි මස් නොකවු...කුකුල්ලුම කව්....අනේ ඇත්තට අපේ අවිහින්සාව.....

මද්දු said...

@charmi
බොහොම ස්තුතියි charmi
මේව ගැන සංවාදයක් ජනතාව අතරට යන්න ඕන

මද්දු said...

@ Shadow/හේමලයා
කියල වැඩක් නෑ...

nushan said...

hariyatama hari. matath mekamai hithune eka parama bili pooja thiyanne nane. kalayak thisse karagena ena deyak eka paratama katha karanne mokada..

සඳරුවන් said...

මුන්නේශ්වරම් කෝවිලේ බිලිපූජාව ඇත්තම සිදදවෙන දෙයක් නම් අනිවා ඒක නවත්තවන්න ඕන මේ අහිංසක සත්තු මැරෙන එක ආසාවෙන් බලන අයත් ලංකාවෙ ඇති හැබැයි අකමැති අයත් ඉන්නවා මේ පුරුද්ද දිගටම ගියොත් මොනවා වෙයිද ? බලාගෙනම ඉන්නකො !

මද්දු said...

@ සඳරුවන්
මේක ඇත්තටම සිදුවෙනව,ඒ විතරක් නෙමෙයි මෙච්චරකල් ඕක සිදුවුනා,ඔය දැන් සත්ව කරුනාවෙන් දගලන කීප දෙනෙක් ඕක දන්නෙ අද ඊයෙ වුනාට ඔය බිලි පූජා අවු ගාණක් තිස්සෙ පැවතගෙන ආපු දේවල්.
අපිත් ඔය අහිංසක සත්තු මැරෙන එක ආසවෙන් බලන් ඉන්නව නෙමෙයි..අපිත් ආසයි මුලු ලංකාවෙන්ම සත්තු මරන එක නවතිනවානම්..ප්‍රශ්නේ තියෙන්නේ මුන්නෙශ්වරමෙ අවුරුද්දකට එක දවසකට මරන කුකුල්ලු ප්‍රමානය බයිරහ ෆැක්ටරියෙ දිනපතා මරන එකට විරෝධය දක්වන්න කවුරුත් නැති එක,අනික ඔය විරෝදය දක්වන කීයෙන් කීයද අඩුතරමේ නිර්මාංශ අය ඉන්නේ.
ඉතින් පැහැදිලියි මේක මේ සද්භාවයෙන් කරන විරෝදයක් නෙමේ,සැලසුම් සහගත කුලප්පු කිරීමේ අරමුනින් කරන දෙයක් බව

``` Outsider``` said...

සතුන් මැරීම සාධාරණීකරණය කරන්න බෑ. උන්ටත් ජීවත්වීමේ අයිතියක් තියෙනව. ඒත් ඇත්තටම එක අවස්ථා සම්බන්ධයක් විතරක් වෙනුවෙන් දක්වන විරෝධය තුළ සැඟවුණු යමක් තිබිය හැකියි. ඉතින් මේ විරෝධතාකරුවන් මහ පරිමාණ සත්ව ඝාතන පැක්ටරි වලටත් ඇඟිල්ල දිගු කරන්නේනම් ඒ විරෝධතා වල මුල් පෙල ගමන් කරන්නට අපිට හැකියාවක් මෙන්ම සත්ව අනුකම්පාවක්ද පවතියි.

හේම ජයන්ත කොළඹගේ said...

ප්‍රානඝාතය කිනම් මුහුණුවරකින් ආවත් පිලිකුල් කල යුතුය. එහි කොන්දෙසි නැත. නමුත් ඔබ කියනා විදියට මේ කාරනය වෙනත් සැඟවුනු අදහසක් සඳහා
පෙරට ආව එකක් නම් ඒ ගැනත් සිතිය යුතුය.යම සත්ත්වයෙක් මියයන්නෙ කර්මානුරූපීවය. එසේ කර්මානුරූපීව මියයන සත්ත්වයා එසේ මිය යන්නේ හේතුඵලයක් හැටියටය.දුක්ඛ ආර්යය සත්‍යය වන ජරා ව්‍යාධී මරණ ආදිය දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් වෙනස්කල නොහැකි බව චතුරාර්යය සතය දේශනාවේ ඇත.යම් සත්ත්වයෙක් මරණයෙන් ගැලවෙන්නේද(තාවකාලිකව)කර්මානුරූපීය.එයද කාටවත් වෙනස්කල නොහැකිය.
සියලු සිදුවීම් දෙස මැදහත්ව බලාසිටීම සුදුසුය.අනාත්ම ධර්මයක් සියලු සංස්කාරයන්ගේ පැවැත්ම අප කැමති විදියට පැවැත්විය නොහැක

charmi said...

මද්දු,
අඹ ගහ යට ට සෙට් වෙන්න කැමතිද?

මද්දු said...

ඉතාම කැමැත්තෙන්...
කොහොමද සම්බන්ද වෙන්නේ?

charmi said...

මොකද කාලෙකින් මොකුත් ලිව්වෙ නැත්තෙ?
මොනවා හරි දාමු.
අදයි කමෙන්ට් එක දැක්කෙ.
samarebin@gmail.com එකට මේල් එකක් එවන්න.