අද උදෑසන රන් ගුවන් විදුලිය සිදුවු කතා බහ වුයේ Facebook නැත්නම් මුහුනු පොතින් සමාජයට සිදුවන විපත හා එය ලංකාව තුල තහනම් කල යුතුද යන්නයි.මෙහිදී විවිද පාර්ශව අදහස් දැක්වීම කල අතර විවිද අදහස් වලට සවන් දීමෙන් අනතුරුව මෙම ලිපිය ලියා තැබීමට සිත්විය.ඇත්තට Facebook මෙතරම් හානිකරද?මෙහි ආරම්භය ඇමරිකානු විශ්ව විද්යාල ශිෂ්යයෙකුගෙ ඉතා සරල ආශාවක් වුවත් ඔහු අද මේ නිසාම කෝටිපතියෙක් වී හමාරයි.මිනිසාගේ මූලික හැගීමක් වන සමාජ ගතවීමට ඇති ආශාව මෙහි සාර්ථකත්වයෙ හේතුවයි.අලුත් මිතුරු මිතුරියන් හදුනා ගැනීම,තමන්ගෙන් දුරස් වී ඇති සමීපතමයන් සමග සම්බන්දතා පැවැත්වීම Facebook හි ආරම්භක අරමුන වූ නමුත් දැන් එයට අමතර ලෙස වඩාත් වානිජ්යයමය අරමුනු එහි ක්‍රියාත්මකබව ප්‍රසිද්ද රහසක්.උදාහරනයක් ලෙස රුචිකත්වය අනුව වෙලද දැන්වීම් ප්‍රචාරය මගින් Facebook විශාල ආදායමක් ලබාගන්නව.
කෙසේ වෙතත් Facebook අපිට බලපාන්නේ කෙසේද? Facebook හි ආරම්භය වසර 2006දී වුවත් අපේ රටේ Facebook හි ජනප්‍රියත්වය හිනි පෙත්තටම නැග්ගේ පසුගිය වසර අග භාගයේ සිටය.අනිත් බොහේ දෙයක්ම මෙන් Facebook ද අපිට ලගා වුයේ ඇමරිකාවට,යුරෝපයට වඩා වසර ගනනක් ගිය පසුව,කොටින්ම ඒ රටවල් Facebook වෙතින් ඈත් වෙමින් සිටින වකවානුවක අපි Facebook වැලද ගනියි.එය හැටිය,පුදුම වීමට කරුනක් නැත.මුලින්ම නිපවපු රට තුල එය ප්රථමයෙන් ජනප්‍රිය වීම ස්භාවිකය.එසේම අනෙක් සෑම දෙයකට මෙන් මෙයටත් අනිත්යය පොදුය,විශේශයෙන් දිනෙන් දින අලුත් වන අන්තර්ජාලය තුල ජනතාව Facebook අත්හර නව තැන් සොයා යෑම අරුමයක් නොවේ.Twitterය එවැන්නකි.
නමුත් ලංකාව තුල ප්‍රශ්නය වන්නෙ මෙය තුලින් නොයෙක් අපචාර සිදුවන බවත් ඒ සදහා පුද්ගලයින් පොලබවනු ලබන්නේය යන්න.එනිසාම ලංකාව තුල කෝකටත් තෛලය ලෙස භාවිතා කරන "තහනම් කිරීම" මේ උදෙසාත් යොදා ගැනීම ගැන සදාචාරය හා සංස්කෘතිය ගැන මහා ඉහලින් කතා කරන මේ සම්බන්දව වැටහීම අවම ඉතා සුලු පිරිසක් තැත කවමින් සිටින අතර,දොම්නසට කරුන වන්නේ ඔවුන්ව බලල් අතක් ලෙස වෙනත් පාර්ශවයක් බාවිතා කරන බව නොදැනීමයි.ඒ පිලිබදව පසුව කතා කරමු.
ඇත්තටම Facebook හරහා මෙවැනි අපරාද සිදු වෙනවාද?පිලිතුර ඔව් යන්නයි.නමුත් මෙය අපේ රටට පිලිලයක් ලෙස සැලකීම මුග්දය.මක්නිසාද මෙවැනි ක්රියා මුලු ලොවේම සිදු වෙයි.එපමනක් නොව අපේ සෑම කරුනකටම අකමැත්තෙන් හෝ ආදර්ශ ගැනීමට යොදාගන්නා ඉංදියාවෙත් තත්වය එසේමය.වාසනාවකට අපේ රටේ Facebook සම්බන්ද එවැනි අවාසනාවන්ත කටයුතු වාර්ථා වී නොමැත.නමුත් ඒ නිසා Facebook පිලිබදව නොසලකා සිටිය නොහැකිය.දැනටමත් කාන්තා හා ලමා කර්යංශයට Facebook හා සම්බන්දව පැමිනිලි ගනනාවක් ලැබී ඇති බව පසු ගිය දවස් වල ආරංචි වුනි.එවායින් බොහෝමයක් වුයේ තමන්ගේ පින්තූර නොයෙක් අසභ්‍ය කටයුතු සදහා යොදා ගැනීමත්,විවිධ අයුතු යෝජනා Facebook හරහා ඉදිරිපත් වීමත්,තමන්ගේ දරුවන් මෙමගින් නොදන්න පුද්ගලයන් සමග අදහස් හුවමාරු කිරීමත් වැනි කරුනුය. මේ සෑම කරුනකට මූලික හේතුව වන්නේ Facebook හි මූලික සංකල්පය හරිහැටි තේරුම් නොගැනීමය යන්න මගේ හැගීමයි.
මෙම වැරැද්ද බොහෝ විට සිදුවන්නේ අන්තර්ජාලය යනු Facebook ම පමනක් යන්නත්,ජීවිතයටම අන්තර්ජාලයට පිවිසී ඇත්තේ Facebook භාවිතා කිරීමටම පමනක් වන Facebook ජිමික් එකෙන් අන්ධ වී ඇති ස්ත්රී පර්ශවය(බොහෝ විට ) හරහාය.බොහෝ විට ඇත්ත සමාජයෙන් තනි වී හෝ වැට කඩලු වලට මැදි වී ඇති ජීවිතයකට Facebook දිව්‍ය ලෝකයකි.එයින් උපරිම ප්රයෝජන ගැනීමට තමන්ගේ කෑම බීම ඇදුම් පැලදුම් ගැන පැවසීම පමනක් නොව තමන්ගේ පෞද්ගලික ජීවිතය පවා ලොවට නිරාවරනය කිරීමට ඔව්හු මැලි නොවෙති,අවංකවම ඔවුන්ට මැලි වීමට තරම් හේතුවක් ඇති බවද ඔවුන් නොදනිත්ය.මෙවන් කටයුතු හරහා තමන්ගේ නම කෙලෙසුනු පසුව ලේසියටත් පහසුවටත් හැමෝම බනින්නේ Facebookවලටය.එතැන තමන්ගේ අතින් සිදුවෙන වැරදි පිලිබදව කවුරුත් කතා නැත.අනෙක් ප්‍රධාන චෝදනාව වුයේ Facebookමගින් තමන්ට අයුතු අසභ්‍ය යෝජනා ලැබෙන බවත් එමගින් තමන්ගේ කසාද ජීවිතයට බලපෑම් ඇති වී ඇති බවත්ය.මා Facebook ගැන දන්න පමනින් කොහේවත් සිටින කාටවත් තවත් කෙනෙක්ගේ පින්තූරමත අදහස් ප්‍රකාශ කිරීමක් නොහැකිය.එනම් මේ අයතු යොජනා එවන්නෙ තමන් විසින්ම යහලුවෙකු ලෙස එකතු කරගත් අයෙක් විසින් නම් ඒ සදහා Facebook තහනම් කිරීම සාධාරනද?හැටහුටහමාරක් ජීවිතයට දැක නැති "මිත්‍රයින්" රොක් කරගෙන වැඩේ වැරදුනු පසු Facebook තහනම් කිරීමට යොජනා කිරීම සාධාරනද?අයුතු බලපෑම් ගැන කතාකරන අපේ සමහර අදහස්දක්වන්නන් පෙනී සිටින්නේ ජීවිතයට බස් එකක පාරක තොටක ගිය නැති ගානකය.ඈත පිටිසර ගමක කොල්ලන් රැලක් "ආ නංගි..අපි කලුද?" කියා පටන් ගෙන වනාතමුල්ලේ සිට බම්බලපිටියට යනතෙක් කාන්තාවන්ට සිදුවන යොජනා, අව කැපෙන කතා,බලපෑම්,අතවර කොතරම් කියා මෙය කියවන කාන්තා පර්ශවය මටත් වඩා හොදින් දන්නවා ඇත.නමුත් එය හේතුවක් කොට කාන්තාව පාරේ ගමන්කිරීම නවතා හෝ රජය විසින් තහනම් කොට නැත,කල යුත්තේ වරදකාරයාට සුදුසු දඩුවම් දීමයි.Facebook සදහාද එයම ගැලපෙයි යන්න මගේ හැගීමයි.Facebook තහනමින් බොහෝ විට අපහසුතාවට පත්වන්නේ දුර බැහැර රටවල වෙසේන අපේම සහොදර සහොදරියන්ය,දුරකතන ඇමතුමකට යන මුදල ඉතුරු කරමින් Facebook හරහා තම නිවැසියන් මිතුරන් ඇමතූ ඔවුන්ට සිදුවෙන්නේ මේ කොහේවත් නැති "ඉල්ලන් කෑමක්" නිසා අපහසුතාවයන්ට පත් වීමටය.
අවසාන චෝදනාවට නම් යම්කිසි පදනමක් ඇතිබව මගෙත් පිලිගැනීමය.පාසල් සිසුන් යනු තීරන ගැනීමට අඩු දක්ශ්‍යතාවක් පෙන්වන පිරිසකි,මෙහිදී උදව්වට පැමිනිය යුත්තේ දෙමාපියන්ය.එහිදීද දෙමාපියන් තාක්ශනය ගැන කොතරම් දැනුවත්ද යන්න සොයා බැලුව යුතු සාධකයකි.මා ඉහත කියු වැඩසටහනට සහභාගී වූ මවක් ප්‍රකාශ කරේ,තම දියනියට නව තාක්ශනයත් සමග දියුනු වීමට අවශ්‍ය පරිසරය ලබාදෙනුවස් තමන් ඇයට පරිගනකයක් හා අන්තර්ජාල සම්බන්දතාවක් ලබාදුන් බවත් නමුත් දැන් ඇය එයින් Facebookවලට ඇබ්බැහි වී අතර ඒ හරහා ප්‍රේම සම්බන්දතාවයකුත් ආරම්බ කර ඇති බවයි.එහිදීද අර මා කලින් සදහන් කල දෙමාපිය දැනුවත් බාවය පිලිබද ප්‍රශ්නයක් මතුවේ,පාසල් සිසුවියකට අන්තර්ජාල සම්බන්දතාව සහිත පරිගනකයක් ලබාදීම කම්නැත,ඇයට හොද නරක තේරුම් ගැනීමට තරම් පුලුල් මනසක් තිබෙනවානන්,එසේත් නැත්නම් එය හැසිරවීමට හැකියාවක් ඇති වැඩිහිටියෙකු සිටිනවානම්.නැතිනම් වන්නේ වදුරා දැලි පිහියෙන් කරගත් දේය.
කෙසේ වෙතත් අපරටේ ඕනෑම ආරම්භයකටම බාධක පැමිනේ,ලංකාවට මීට වසර 15කට පමන පෙර අන්තර්ජාලය පැමිනි විට අපේ සමහර ඇත්තෝ හැසිරුනේ ලෝක විනාසේ ආවක් මෙනි,නමුත් අද වන විට එයින් බොහෝ දෙනා ප්‍රයෝජන ලබති.Facebook වලටද උඩ පැන පැන විරෝදය දක්වන අපේ සදාචාර ඇත්තන් නොදන්නවා වුවත් ඔවුන් ඉටුකරන්නෙ තවත් පිරිසකගේ වුවමනාවකි.මීට මසකට පමන ඉහතදී එක්තරා ආගමික කන්ඩායමක් තම සාස්තෲවරයාට Facebookහරහා අපහාස වුයේ යැයි පවසමින් තමන්ගේ රටවල් වලින් Facebookතහනම් කරන්නැයිද එයට යොමුවීමෙන් වලකින්නයිද ප්‍රචාරයක් ගෙන ගියා.ඉන්පසු බොහෝ අන්තවාදී අදහස් ඇති රටවල් බොහෝමයක් Facebookතහනම් කිරීමට එකගවූවා.ඔබත් එසමයේදී ලන්කාව තුලත් බොහේ වෙබ් අඩවිතුලත් Facebookහි නොවැදගත්කම කාලය කා දැමීම ගැන වඩා වැඩියෙන් කතා වෙනව දකින්නට ඇති.අනෙකාගේ අදහස් වලට ගරු කිරීම වෙනුවට එවා එකහෙලා ප්‍රතික්ශේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මග නොවේ,එය අන්තවාදී මගයි.බැරි වෙලාවත් බලල් අතක් ලෙස යොදා ගැනෙන අපේ උන්දලෑගේ විගඩම් හේතුවෙන් Facebookඅපෙ රටේත් තහනම් වුවහොත්,Akon ලංකාවට නොවීම ගැන අපිට හිනා වුනු, පාටි දමපු දෙමල ඩයස්පොරාවට වඩා වැඩි සෙනගක් ඉදීවි අපිට හිනාවෙන්න.මෙවැනි තීරනයක ආන්ඩුව මේ මොහතේ නොයන බව මගේ විශ්වාශයයි.