මට ප්‍රශ්නයක්..මොකක්ද ඔබේ අදහස?

සමාජයෙ සැරිසරද්දි විවිධාකාර මිනිස්සු අපිට හම්බ වෙනවා.සමහරු හරිම ආදර්ශවත් චරිත,එහෙම චරිත වැඩිපුර ගැවසෙන පෙදසක ජීවත් වෙන්න ලැබීමත් මා නන් සලකන්නෙ වාසනාවක් හැටියට,අපේ ජීවිත හැඩ ගස්සවා ගැනීමටත් එමගින් යහපත් සමාජයක් බිහිකිරීමටත් එවැන්නවුන් නොදැන වුනත් කරන්නෙ ලොකු මෙහෙයක්.ඒ වගේම ලොකු පිනක්.
ඔහොම සමාජයේ යහපත් හා ආදර්ශවත් චරිත පිලිබදව සිතමින් සිටින විට මුලින්ම පෙනෙන්නෙ ඔවුන්ගෙ රැකියාව හෝ වෙනත් ජීවන කුසලතාවන්.ඒ අතරින් මට සිතුනෙ දියුනවට,සමාජ ප්‍රශංසාවට ලක් වුවන් බොහෝ විටයම් කිසි ක්‍රෙශ්ත්‍රයක් පිලිබදව පරතෙරටම හදාරා තිබීමයි.තමා විශේශිත වු මාර්ගය තුල නොකලහැක්කක් නොමැති තරමටම ඒ මාර්ගයෙ ඔවුන් ප්‍රවීනත්වයට ලගා වී අවසන්.උදාහරන ලෙස සංගීතයෙ කෙල පැමිනි මහා ගායකයො මෙන්ම වෙනත් කලාකරුවොද,විව්ද විශේශිත විශයන් උගන්වන ආචාර්යය වරු වගේම පරිගනක සම්බන්ද රැකියා කරන අයවලුන් හැදින්විය හැකියි.

ඒ වගේම තවත් පිරිසක් සිටිනවා,උගත් නූගත් බේදයක් නොමැතිව සමාජයේ වැජබෙන චරිත.මොවුන් යම් කිසි විශයක් පිලිබදව පරතෙරට හදාරා නොමැති වුවත්,නොදන්නා දෙයකුත් නොමැති බවයි පෙනී යන්නෙ.සංගීතය නම් සංගීතයද,දේශපාලනය නම් එයද මොවුන්ට අමුතුවෙන් ඉගෙනගෙන ආයුතු නොවේ.නමුත් විශයෙහි කෙල පැමිනි අයවලුන් සමාජය තුලට ආවිට බොහෝ අපහසුතාවට මුහුන දීමට සිදුවේ.වරක් මා හදුනන භෞතික විද්‍යා ආචර්යවරයෙක් අපහසුතාවට පත්වුයේ දේශපාලනය කතාකරන්නට යාමෙන්ය,එසේම වාහනයක් තියා බයිසිකලයක් වත් පැදගනීමට,සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීමට අපහසු සම්භාව්‍ය කලාකරුවන්ද අප අනන්තවත් දැක අත්තෙමු.එසේම සියල්ලදත්ලා හෙවත් සෑම දෙයකින්ම ටිකටික දන්නා අයවලුන් අපහසුතාවන්ට පත් වෙන්නෙ රැකියා කටයුතු ආදිය ජීවිතයේ වැදගත් තීරණ ගන්නා අවස්ථා වලදීය.තමන් යායුතු නිවැරදිම මග,තමන්ට ගැලපෙන මග තෝරාගැනීමට නොහැකිව ජීවිතය අතරමං කරගන්නා අයවලුන්ද අප්‍රමානය.

ඉතින් මාගේ ප්‍රශ්නය මෙයයි.ඔබ කැමති මේ කාන්ඩ දෙකෙන් කුමන කාණ්ඩයට යන්නද?මම මේ ප්‍රශ්නෙ මගෙන්ම ඇහුව අතර මටත් නිවරදි පිලිතුරක් හිතාගන්න බැරි විය.එකක් පරදා එකක් ලෙස දෙපැත්තටම තර්ක විතර්ක ලැබුන.
තව දෙයක් කියන්න ඕන, මේ ප්‍රශ්නය මගෙ ඔලුවට ආවෙ මගෙ මිත්‍රයෙකුගෙ මාර්ගයෙන් ඔහුට සිදුවී ඇති ප්‍රශ්නයක් ගැන සාකඡ්චා කිරීමෙදියි.ප්‍රශ්නය වුයේ,මගෙ මිතුරා කොලඹ විශ්ව විද්‍යාලයෙ BIT පාඨමාලාව හදාරන අතර පරිගනක ක්‍රමලේකන සම්බන්ද රැකියාවක් කරමින් ඉතා හොද අත්දැකීම්(මේ දවස්වල පරිගනක ආශ්‍රයේ රැකියා සදහා කොච්චර සහතික තිබ්බත් අවසානයේ බලන්නෙ පලපුරුද්ද නිසා ) ලබා ගනිමින් ඉන්නවා.ඒ අතරෙ වෘත්තිය සුදුසුකමක් ලෙස තවත් කුමක් හෝ පාඨමාලවක් හැදෑරීමට ඔහුගේ අදහස වී තියනවා.එහිදී නැගුනු පැනය නම්කරන්නෙ මොකක්ද?දැනට කරගෙන යන මාර්ගයෙ පරතෙරටම යාමට පරිගනක ආශ්‍රිත වෘත්තිය සුදූසුකමක් (Microsoft certificate වැනි) සපුරා ගන්නවාද,එසේත් නැත්නම් පරාසය(Scoop ) වැඩි කරගැනීම සදහා CIMA,CIM වැන්නක් කරනවාද යන්න ඔහුට ඇති පැනයයි.දෙවැනි මාර්ගය වන CIMA වැන්නක් කිරීමට හිත ඇති ඔහු පවසන්නෙ එමගින් වඩා වැඩි පරාසයක රැකියා අවස්තා විවර වෙන බවය.ඔබේ අදහසුත් කියන්න,සමහරවිට එය ඔහුගේ අනාගතය සාර්ථක කිරීමට දායක වෙන්නත් පුලුවන්

0 comments: