අද ශ්‍රී ලාංකිකයන් වන අපිට ඉතා වැදගත් දිනයක්.අපේ දෙවනි නිදහස් දිනය අද කියල මේක හැදින්නුවත් වරදක් නැති තරමට ඒ නිදහස අපිට වැදගත්.මේ නිදහස ගැන අපි මේ දවස් ටිකෙ හැම නාලිකාවකම,හැම බ්ලොග් සටහනකම වගේ කතා වෙනව,මේ සතිය රණවිරු සතිය නිසා ඉදිරියටත් රටේ ප්‍රධාන මාතෘකාව බවට මෙය පත්විය හැකියි.( වැස්සත් මේ දවස් වල ප්‍රධාන සිරස්තලයක් )නමුත් මම මේ කතා කරන්න හදන්නෙ හැමෝම මේ දවස් වල කතා කරන කාරනය ගැන නෙමෙයි,එහිම අතුරු කතාවක් ගැන.කොහොමටත් මගේ මාතෘකාවත් මෙතෙක් කියවපු දේත් අතර සම්බන්දය මොකක්ද කියල ඔබ කල්පනාත් කරනව ඇති.

මීට අවුරුද්දක ඉස්සෙල්ලා මුදා නොගත් කලාප ලෙස දේශපාලන මට්ටමින් කතා වුනේ ත්‍රස්තවාදීන්ගෙ ග්‍රහනයෙ පැවති,භාහිර ලෝකයත් එක්ක සම්බන්දකම් අහිමි වුනු රටේ ප්‍රධාන නීතියට පිටින් කැලෑ නීතියට යටවුනු ප්‍රදේශ.ඒ වගේම විද්වත් කතිකාවලදීත් අපිට තවත් මුදා නොගත් ප්‍රදෙශයක් ගැන අහන්න ලැබුන.වෙනමම දේශපාලන පක්ශයක් විසින් පාලනය කරන,තමන්ටම කියා නීති පද්ධතියක් අවස්තානුකූලව තනා ගෙන,තමන්ගේ පටු අරමුනු වෙනුවෙන් අහින්සකයන්ව බිල්ලට දීම සදහා සැදුනු මේ මුදා නොගත් ප්‍රදේශ රටේ විවිද පෙදෙස් වල තිබ්බත්,ඇත්තෙ එකම නමකි,එය හදුන්වන්නෙ විශ්ව විද්‍යලයය නමින්ය.

අපගේ වීරොදාර හමුදාවන්ට පින්සිද්ධ වෙන්න දැන් මුදා නොගත් ප්‍රදෙශ ගැන අහන්නවත් නැත.ඉස්සර ප්‍රවෘත්ති විකාශයන් අතරතුර නිතර කිවු වචන දෙකක් වන මායිම් හා මුදා නොගත් ප්‍රදේශ යන වචන දැන් අපගේ ශබ්ද කෝශයෙන් මැකීයනු දැකිය හැකිය.ඒ මුදා නොගත් ප්‍රදේශ මුලින් උපුටා දැමුවත්,විශ්ව විද්‍යාල වල ඇති මුදා නොගත් ප්‍රදේශ තාමත් එසේමය.නමුත් මා අද කතා කරන්න යන්නෙ ඒ පිලිබදව නොවේ,ඒ පිලිබදව නොයෙක් සංවාද ඕනාවටත් වඩා ඇතිවී ඇති බැවින් ඒ ගැන කතා කරමින් අපේ වටිනා කාලය නාස්ති කරගැනීම අපරාදයකි.මා පවසන්නට යන්නේ මේ කාරනා දෙකම එක්තැනක සිදු වූ අවස්තාවක් ගැනය,පුදුම වීමට කාරනයක් නැත.මා මේ කියන කාරනය හැරුනු කොට තවත් බොහෝ මෙවන් දේ සිදු වෙනු ඇත,වෙනස ඒවා ඔබටත් මටත් ඇසීමට දැකීමට නොලැබීමයි.

ලංකාවෙ විශ්ව විද්‍යාල අතුරින් සිංහල සුලුතරයක් ඇති විශ්ව විද්‍යාල ඇත්තේ දෙකක් පමනි.(යාපනය හා නැගෙනහිර,මා වැරදිනම් නිවරදි කරන්න ).මේ විශ්ව විද්යාල බහුතරය හා සුලුතරය කෙසේ වුවත් නඩත්තු වෙන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය යටතේය.එනම් රජයේ ආයතනයකි.නමුත් ඊයේ දිනයෙදි ලංකා ආණ්ඩුව මගින් පාලනය වන,මා මේ පවසන විශ්ව විද්‍යාලයෙදී මියගිය කොටින් සමරනු වස් උත්සවයක් පැවැත්වීය.ශිශ්‍ය සංගම් මගින් සංවිධානය කරන ලද්දක් බව පෙනෙන්නට තිබුනත්,රජයෙන් පඩි කන කුලපති ඇතුලු ආචාර්යවරුන් අන්ධ බීරුන් බවට පත් වුයෙ එම සිදුවීම අනුමත කිරීමටද,නැත්නම් තමන්ට ඉදිරියෙදී තර්ජනයක් රහිතව ජීවත් වීම ගැන සිතා බලාදැයි,ඔබ තීරනයක් ගනු මැනවි.

සිංහල සිසුන් සුලුතරයක් වුවත්,මෙම කාරනය ඉවසුම් නොදෙන්නක් වුවත් කලහැකි අන්යමක් නොවුයෙ,ලියා තිබු එකම වැකිය "මියගිය අපගෙ සහෝදරයන් සිහිකරමු" යන්න පොලිස් පොතක ලිවීමට වුවත් ප්‍රමානවත් නොවු නිසාය.මෙය තේරුම් ගත් ජේශ්ඨයෝ යැයි හදුන්වන පිරිස් පවසා ඇත්තෙ වද මල් හා ඉටිපන්දම් රැගෙන විත් ඒවා දල්වන ලෙසය,දුක වේදනාව කීමට භාශාව තේරෙන බල්ලෙක් වත් නොමැති වට පිටාවක,එසේ කිව්වත් ඊට පසුව එන කරදර මත තව වසර තුනක කාලයක් විදින්නට සිදුවන දෝමනස්සයන් ගැන සිතාබලා මුවින් නොබැන ඔවුන්ට අවනත වීමට සිදුවී තිබේ.මේ එක සිදුවීමක් පමනි.තව කොතෙකුත් මෙවැනි දේ සිදු වනු ඇද්ද?

මා ඔබේ අවදානය යොමු කරවීමට උත්සාහ ගන්නෙ හුදෙක් මේ සිද්දිය දිහා පමනක් නොව,මෙයට හේතු කාරනා වු අපගේ දෙමල සහොදරයන්ගෙ අදහස් හා ආකල්ප පිලිබදවය.කවුරු කොහොම කෙසේ කීවත් ලංකාවේ ජීවත් වෙන දෙමල ජනතාවගෙන් 90% පමන ජීවත් වන්නෙ ඉහත දැක්වු වි.වි සිසුන් දරන ආකල්පයේමය.ඔවුන්ට පිරබාහරන් යනු වීරයෙකි,මරනයට බිය නැතුව රටින් පැන නොගිය පිරබාහරන්,අපට මරනයට බිය නැතුව මුහුන දුන් මද්දුමබන්ඩාර,පුරන් අප්පු සේම වීරයකි.කල යුත්තේ මා පැවසු වි.වි සොයා ගෙන ගොස්,එම ශිශ්‍යන්ගේ ශිශ්‍ය භාවය අහිමි කිරීම නොව ඔවුන්ගෙ අදහස් වෙනස් කිරීමට උත්සාහ දැරීමය.කියන තරම් පහසු නැති වුවත්,අද පටන් ගැනීම තව වසර 20කින් ඵල දැරීමට පුලුවන.ප්‍රධාන කරුන වන්නෙ ඔවුන්ට සිතීමට හෝ කිරීමට වෙන යමක් නොමැති කමය,වසර 30කට පෙර එම අඩුපාඩුව ඔවුන් හොද පැත්තට යොමු කර ගත්තෙ තමන්ට ඉතුරු වෙන කාලය අධ්‍යාපනය වැනි ප්‍රයෝජනවත් දෙයකට යොමු කිරීමය.එමගින් සිදු වුයෙ ලංකාවෙන් බිහි වූ වැඩිම උපාදිධාරීන් ද්‍රවිඩ සහෝදරවරු වීමයි.නමුත් දැන් ඔවුන් තමන්ගෙ කාලය යොදවන්නේ වෙනම රටක් ගැන සිතීමටය.දකුනේ මෙන් ඔවුන්ට නැරඹීමට වැල් නාට්‍ය නැත,ක්‍රිකට් මැච් නැත,වෙන එකක් තියා ලාංකික චැනලයක්වත් ඔවුන්ට දකින්නට නැත,තරුණ ගැහැනු හා පිරිමි ලමුන්ට සිතන්නට විලාසිතා නැත,එවා ඔවුනට ලන්වීමට මාර්ගයක් නැත.ඔවුන් ඒ මුලු කාලයම කැප කරන්නෙ වෙනම රටක් ගැන සිහින දැකීමටය.

නමුත් මාගේ අරමුන අපේ සමහර තරුණයන් මෙන් ඔවුන්වත් වල්මත් කිරීමවත්,වැල් ටෙලි වැනි හරසුන්දේ ඔවුන්වෙත යොමුකිරීමවත් නොව,එවැනි දේ උපයොගී කරගෙන ඔවුන්ගේ විනාශකාරී අදහස් නැති කිරීමය.එම සිසුන් (හො තරුණයන් ) එකට හමු වූ විට ඊයෙ රෑ "මහ ගෙදර","සෙල්වි" හි වුනු දේ හෝ ක්‍රිකට් මැච් එකෙදි සංගා ගැහූ ලකුනු ගනන ගැන කතා කිරීම,හෙට කාටද වෙඩි තියන්නෙ හෝ කොහෙද බෝම්බය පුපුරවන්නෙ යන්න ගැන කතා කිරීමට වඩා දාහකින් වටින්නෙය යන්න මගේ අදහසයි.
(කරුණාකර මම ඉහත පැවසු වි.වි හෝ එම කරුන මට ආරංචි වූ ආකාරය නොඅසනවා නම් එය මා අගය කරන අතර ,වැදගත් වන්නේ එම හුදකලා කරුන පමනක් නොවන බව කිව මනාය. )

0 comments: