මගේ ජීවිතේ පලමු වතාවට අද දෙමල චිත්‍රපටයක් බලන්න ශාලාවකට (හෝල් එකකට ) ගියා.ඇත්තටම මගේ වුවමනාවකට නොවුනත්,මගේ ද්‍රවිඩ මිත්‍රයෙකුගෙ බලවත් පෙරැත්තය නිසාම අද මට මේ අත්දැකීම ලබා ගන්න පුලුවන් වුනා.මේක සම්පූර්නයෙන්ම වෙනස් වගේම නොසිතූ අත්දැකීමක් කිව්වොත් නිවැරදියි.මම ගියපු ශාලාව ද්‍රවිඩ චිත්‍රපට ප්‍රදර්ශනයටම වෙන් වූවක්,ලගදීම පැමිනීමට නියමිත සිනමා නිර්මානවල පෝස්ටර රැගත් දැන්වීම් පුවරු සහිත ශාලා ඉදිරිපස ඔස්සේ අප නැරඹීමට පැමිනි චිත්‍රපටයේ පුවරුද දක්නට ලැබුනා.ඉද හිට දෙමල රූපවාහිනි නාලිකාවක යන පරන ද්‍රවිද චිත්‍රපට නරබන මාහට,නවතම ද්‍රවිඩ චිත්‍රපට පිලිබදව කිසිදු දැනුමක් තිබුනෙ නෑ.පුවත් පත් වල,විචාර වල මහා ඉහලින් රචනා කොට තිබුනේයැය් මාගේ මිත්‍රය විසින් රෙකමදාරු කරනු ලැබූ "සිංගම්" යන්න නැරඹීමට මාතුල කැමැත්තක් ඇති නොවුයේ එහි පෝස්ටරයක් දකීමත් සමගය.පොලිස් කාරයෙක්ගේ (නිලධාරියෙක්ගේ ) රුවින් සැරසුනු ප්‍රධාන නලුවා දකිද්ම මුලු කතාවම තෙරුම් ගත හැක.





එය එසේ වුවත් මුලු චිත්‍රපටය තුලම ප්‍රේක්ශකයා ඇදබැද තබා ගැනීම සදහා යොදා ඇති දෘශ්‍ය ප්‍රයෝග,සටන් ජවනිකා මෙන්ම ගීතද සාමාන්‍ය අප දකින සිංහල චිත්‍රපටියකට වඩා බෙහෙවින් තාත්විකය,මනහරය.නමුත් මෙකල නිශ්පාදනය වන සෑම සටන් ද්‍රවිඩ චිත්‍රපටයකම පොදු මිනී මරන දර්ශන නම් මෙහිදීද අඩුවක්ව තිබුනේ නැත.නිතරම කැත්තක්,මන්නයක් අතට ගත් මැරයෙක්,බෙලි කපන,බඩ කපන දර්ශන ("කපනවා" යන්න හැමතැනම )මෙහිද නිමක් නැත.විටක බොහෝ ඉන්දියානු දෙමල අයගේ අධික කෝපය,කෲර හැගීම සමග මේ සිනමා නිර්මානවලටද සම්බන්දයක් ඇතිබව හැගේ.

කෙසේ වෙතත් අපේ සටන් චිත්‍රපට(පුහ්..!) හා සසදා බලන කල මේවා ඉතා ඉදිරියෙන් සිටියි.එයට හේතුව දකුනු ඉන්දියානු ද්‍රවිඩයන්ගේ හැකියාවද නැතිනම් උතුරු ඉන්දියානු ආභාශයද යන්න එතරම් අමාරු ප්‍රශ්නයක් විය නොහැකියි.පසුගියදා නිමාවූ IIFA සැනකෙලියත් සමගම යලිත් කතාබහට ලක් වූ අපේ සිනමාව පිලිබදව නැවත හැරී බැලීමට නියම කාලය දැන් යැයි මට හැගේ.විශේශයෙන්ම ශ්‍රී ලාංකීය ද්‍රවිඩ සිනමාව,මට දැනගන්මට ලැබුනු ආකාරයට ලංකාවෙ ප්‍රථම ද්‍රවිඩ චිත්‍රපටය නිර්මානය කරඇත්තේ සිංහලයෙක් වන අතර ප්‍රථම සිංහල චිත්‍රපටය නිමවී ඇත්තේ ඉන්දියානුවෙක් අතින් .මේ පිලිබදව අජිත් ගලප්පත්ති නම් විචාරකයා පසුගිය ඉරිදා ලක්බිමට ලියූ විචාරයක සදහන් වූවා.

මේක පුලුවන්නම් කියවල බලන්න http://www.lakbima.lk/archive/last_06_06_10/index.htm

අවසන් කරන්න ඉස්සෙල්ලා තව දෙයක්.චිත්‍රපටය පටන් අරන් නලුවා(වීරයා ) මුලින්ම තිරයට එනකොට බලන්න එපාය කට්ටියගෙ චියර් එක,විසිල් ගහනව,කෑ ගහනවා.ඒ වගෙම තමයි විකටයා,කෙල්ල එනකොටත්.ඒකත් එක්ක දුශ්ටයා එනකොට,හරියට තමන්ට වැරද්දක් කරල වගෙ,බනිනවා,හූ කියනවා.අපි නන් මේවගේ ඒව අහල තියෙන්නේ ලංකාවට චිත්‍රපට ආපු මුල් දවස් වල එහෙම නැත්නම් ටීටර් වල.දවස පුරාම වෙහෙසෙච්ච් මිනිහා,විශේශයෙන්ම දෙමල මිනිහා තම්න්ගෙම ලෝකයක් හදාගෙන ඒතුල පැය තුනක් ගත කිරීම එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නෙමෙයි.

4 comments:

kumaraya said...

මම කැමතියි ඔබ සොයාගෙන බලනවානම් සත්‍යා / නායගම් / ඉන්දියන් වැනි චිත්‍රපට. ඒවා ඕනෑම කාලයකට / ජාතියකට / ආගමකට පොදුයි.
ඉතාම තාත්විකව කරල තියෙනව. ලංකාවෙ අපිටත් ඒක පොදුයි.

kumaraya said...

මම කැමතියි ඔබ සොයාගෙන බලනවානම් සත්‍යා / නායගම් / ඉන්දියන් වැනි චිත්‍රපට. ඒවා ඕනෑම කාලයකට / ජාතියකට / ආගමකට පොදුයි.
ඉතාම තාත්විකව කරල තියෙනව. ලංකාවෙ අපිටත් ඒක පොදුයි.

මද්දු said...

මම තව දුරටත් ද්‍රවිඩ චිත්‍රපට බැලීමට සිතාසිටියේ නෑ,නමුත් ඔබ කියන හින්දා බලන්නම්.

Anonymous said...

කාදල්,මගන්,පොල්ලාදවන්,ඔන්නයි නිනෙත්තු,කුත්තු,අලුතින්ම වින්නෙය් තාන්ඩි වරුවායා...ලස්සනයි.හොයාගෙන බලන්න.මට දෙමල ලියන්න බෑ.ඒත් හිංදි,දෙමළ ‍films බලන එක තමයි කරන්නේ හම්බවෙන තත්පරෙන්.අපේ දේ ගැන අමතක කරමු.කතා කරලා වැඩක් වෙන්නේ නෑ ඒ ගැන.