මම සීයක් මතින් මිදෙව්වා:හිනා කතා

මේ දවස්වල ජාලයේ මෙන්ම සමාජයෙත් ඉතාම කතා බහට ලක්වෙලා තියන කාරනා දෙකක් තමයි සමලිංගික ප්‍රශ්නය හා මත්ද්‍රව්‍ය වල මිල ඉහල යාම.බැලූ බැල්මටනන් එකිනෙක සමාන කමක් නෑ වගේ තමයි.මේ ලගදි අපි යාලුවො ටිකක් එකතු උනාම අනන් මනන් කතා කර කර ඉදිද්දි ඔය ගැනත් කතා වෙන අතරෙ මගෙ එක යාලුවෙක් පොඩි කතාවක් කිව්වා,හැබයි වැඩිහිටියන්ට පමනයි කියල මටනන් අන්තිමෙදි බනින්න එපා..!
මේක ලන්කාවෙන් නන් නෙමෙයි ආරන්චි වෙලා තියෙන්න,බොරුනන් කියොලම බලන්න,මගක් දුර යද්දි තේරෙයි කොහොමටවත් ලන්කාවෙ නෙමෙයි කියලා.
මේකයි කතාව!
අඩු වයසෙ ගැටවු දෙන්නෙක් හොරෙන් මත්ද්‍රව්‍ය පිලිබද අත්දැකීමක් ලබා ගන්න යද්දි මාට්ටු වෙලා,පොලීසියෙන් උසාවිය දක්වාම ගිහිල්ලා.අන්තිමේදි දෙමාපියන් ගෙන්වලා කාඩ් එක හොදටම කුඩු කරලා,දැන් නඩුකාර උන්නන්සෙගෙ ලෑස්තිය දඩුවම දෙන්නලු.ඔය වගෙ පලමු වැරදි වලට වැඩිය ලොකු දඩුවම් දෙන්නෙ නෑ නෙ.ඉතින් මෙයාලට දුන්න දඩුවම තමයි සතියක් ඇතුලත් දුම්බීමේ ආදීනව ගැන සමාජය දැනුවත් කරලා අන්තිමේදි කීදෙනෙක්ව මතින් මුදෙව්වදැයි ප්‍රගතිය පෙන්නන්න ඔන.

ඉතින් කෝමහරි සතියකට පස්සෙ දෙන්නව කැදවලා නඩුකාරය අහනවලු එක එක්කෙනාගේ ප්‍රගතිය.පලවෙනියා ඇවිල්ල බෝඩ් එකක් එහෙම අල්ලල එකේ ලොකු රවුමකුයි පොඩි රවුමකුයි ඇන්දලු,ඇන්දල කිව්වලු මම 22දෙනෙක්ව මතින් මිදෙව්වා කියල.එතකොට නඩුකාරතුමා ඉතා සතුටට පත් වෙලා ඇහුවලු "ඒ කොහොමද පුතා,පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා".
"මෙහෙමයි, මන් මේ රවුම් දෙක පෙන්නල කිව්වා මේ ලොකුවට තියෙන්නෙ මත්ද්‍රව්‍ය පාවිච්චියට පෙර මොලය හා පොඩියට තියෙන්නෙ මත්ද්‍රව්‍ය පාවිච්චියට පසු රොගී වු මොලය කියල"

නඩුකාරයා බොහොම සතුටු වෙලා අනිත් බුවා දෙසට හැරුනා.
අනිකා ලෝක අන්ඩයා,ඌ සතිය පුරාම මෙලෝ වැඩක් කරල නෑ,හැබැයි පොඩ්ඩක් වෙලා කල්පනා කරපු බුවා කිව්වා "මම සතිය පුරාම 100කට වඩා කට්ටියව මතින් මිදෙව්ව"කියලා.
නඩුකාරය පුදුමයටත් සතුටත් පත් වෙලා ඇහුවා "හරිම සන්තොසයි පුතා..ඒ කොහොමද?"කියල.
කෙලින්ම අර අනිත් කොලුව ඇන්ද රවුම් දෙක අතට ගත්ත මේ කොලුව ඒක් අනිත් පැත්ත හරෝගෙන මෙහෙම කියනවලු!
"මම මේක අරන් හැමෝටම පෙන්නල මෙහෙම කිව්ව,මේ පොඩි රවුමෙන් පේන්නෙ ගංජ ගහල අහුවෙලා හිරේට යන්න ඉස්සෙල්ලා පස්ස ( ගුදය..ගුදය..),ලොකු රවුමෙන් පේන්නෙ ගිහිල්ල ආවට පස්සෙ පස්ස පැත්ත"කියල
නඩුකාරයට ඇපත් නෑලු!!!

1 comments:

uS said...

අහම්බෙන් තමයි ඔයාගේ බ්ලොග් එක පැත්තට ආවේ.....
කතාව නම් පට්ට :D තවම මේ හිනාව නවත්තන්න බැරිව ඉන්නේ :D
දිගටම ලියන්න...ජය වේවා