ජන්ද උන්මාදය හා අවුරුදු උණුසුම මැකීයාමට මත්තෙන්ම තවත් උන්මාදයක් ලංකා රූපවාහිනි ආයතන මගින් පටන අරගෙන තිබේ.එනම් තරු බිහිකිරීමෙ තරග වල අවසන් භාගයයි.ලංකාවෙ තරු බිහි කිරීම අලුත් දෙයක් නොවුවත් එයට ඇති සාමන්‍ය මධ්‍යම පාන්තික ජනතාවගෙ ඇල්ම කිසිලෙසකින් ඈත් වී ඇතැයි සිතිය නොහැක.නමුත් මෙවර බොහෝ භෞතික සාධක හේතුවෙන් තරු බිහි කිරීමෙ තරග වලට ඇති ජනතා අවධානය අඩු වී ඇති බව පැහදිලිවම පෙනෙන්නට තිබෙ.තරගයෙ අවසන් වට වලට පැමිනෙන්නවු තරග කරුවන්ගෙ අනාගතය කෙසෙ වුවත්,අඩු තරමෙ තරග පැවත්වෙන කාලසීමාවෙවත් ඔවුන්ගෙ ජනප්‍රියත්වය(නියම වචනය ප්‍රසිද්ධිය )හිනිපෙත්තට යන්තම් පහලින් පැමිනීම සාමන්‍ය සංසිද්ධියකි.නමුත් මෙවර එය අපේක්ශිත මට්ටමට වඩා බෙහෙවින් පහල බව පිලිගනු මනාය.ඒ සදහා නාලිකා අයිතිකරුවන් කලබල නොවිය යුත්තෙ,මේ සදහා හේතුව ඔවුන්ට පැහැදිලි බැවිනි.කෙටියෙන්ම කීවොත් විවිධ පක්ශ පාට උදෙසා පෙනීසිට ඒ වෙනුවෙන් කතා කර මොල අවුල්කරගැනීමෙන් දින සතක් ඉක්ම යාමට පෙර ශරීරයෙ තෙල් මට්ටම හා සීනි මට්ටම සීග්‍රයෙන් ඉහල යාමට හේතුවන කටයුතු වල යෙදීමෙන් කය මෙන්ම මනසද හෙම්බත් වූ ප්‍රේක්ශක පිරිසකගින් මීට වැඩි යමක් බලාපොරොත්තු වීම සාධරණ නොවීම දැක්විය හැක.

කවුරු කෙසේ පැවසුවත් ලංකාවෙ ගයන තරු බිහි කිරීමෙ තරග අතුරින් ඉදිරියෙන්ම සිටින්නෙ තරගාවලි දෙකක් පමනි,එනම් සිරස සුපර් ස්ටාර්(SSS ) සහ දෙරණ ඩ්‍රීම් ස්ටාර්( DDS) පමනි. මෙයිනුත් සිරස සුපර් ස්ටාර් අනෙකට වඩා දශමයකින් හො ඉදිරියෙන් සිටින අතර එයට එහි ලංකාව තුල ඇති වැඩිමහලු භාවයත්,මොනදේ උනත් සිරස බලන නොසැලෙන ප්‍රෙක්ශක පිරිසත් හේතුවන බව මගෙ සිතුවිල්ලය.අද වන විට මෙවර SSS හි තරු සතරක් ඉතුරු වී ඇති අතර ඔවුන් විවිධ ගායන පරාසයන් හිමි ඔවුන්ට ආවේනික වූ ගායන විදි අනුගමය කරති.සතුටු විය යුත්තෙ මෙවනි එකිනෙකට වෙනස් ගායන පරාස හිමි වෙනස් සංගීත ක්‍රම නිවරදිව අදුනාගෙන ඔවුන්ව පමනක් අවසන් හතරදෙනා අතරට ගෙන එමට තරම් විචක්ශන බුද්ධියකින් හෙබි ජනතාවක් අප අතර සිටීම කෙරෙහිය(?).කාන්තා පක්ශය නියොජනය කරමින් කාන්තාවකුත්,ශාස්ත්‍රීය ගායනා වර්ණනා කරන්නන් වෙනුවෙන් තවත් අයෙකුත්,සාමන්‍ය මහජනතාව ප්‍රියකරන සරල ගායනා විශිශ්ට ලෙස ඉදිරිපත් කරන හදවතට සමීප(ජෝතිපාල ටයිප් )පුද්ගලයෙකුත් නවක පරපුර නියොජන කරන කෙස්වැටිය කඩා ගත් සහස්‍රකයෙ ගීත අපුරුවට ගායනා කරන තවත් අයෙකුත් ගෙන් සමන්විත් මේ තරු හතර දුටු විට එක්වරම මතකෙට නැගෙන්නෙ බහු ආගමික හා බහු ජාතික දිසාවක අපෙක්ශක ලයිස්තුවය.කාන්තා ජන්ද කඩා ගැනීමට කාන්තවකුත්,මුස්ලින් ජන්ද සදහා මුස්ලිම් ජාතිකයෙකුත්,වැදගත් යැයි සම්මත අයවලුන් උදෙසා බුද්ධිමතෙකුත් තොරා ගැනීම ජනතාවගෙ කැමත්ත නොවන අතර පක්ශයෙ කැමත්ත වේ,ජන්ද දායකයා කරන්නෙ ඔවුන්ට ලැබී ඇති විකල්ප අතුරින් එකක් තොරා ගැනීම පමනි.එසෙනම් මෙම තරග හරහා සිදු වන්නේද එයමද?කෙසේ වුවත් තරග කරුවන්ගෙ හැකියාව ගැන ප්‍රශ්නය ඇති වීමට නොහැක,ප්‍රශ්නය වන්නෙ ජනතාවගෙ කැමත්තට ලැබුනු වටිනාකම කොපමනද කියා පමනි.
දෙරණ ආයතනයෙ තරගයත් මීට දෙවනි නැත.අහිංසක වෙස්මුහුන පැලද සිටියද SMS generatorහි countඑක වැඩි කර ගැනීමට උපක්‍රමයක් යොදා නොගැනිවියැයි සිතිය නොහැක.ඇත්ත වශයෙන්ම තරගකාරී වෙලද සම්ප්‍රදාය හමුවේ අහිංසකයා යනු ඩාවින්ගෙ න්‍යාය අනුව ශ්‍යයවී යාමට වඩාත්ම ඉඩක් ඇත්තාය.ලබන සෙනසුරාදා පැවත් වීමට නියමිත DDSහිද කාන්තා නියොජනයක්,ශස්ත්‍රිය නියොජනයක් හා රොක් ගායන විදියෙන් තරුණ සිත්( sms ?) ඇද බැද ගත හැකි නියොජනයත්ද ඇතුලත්ය.

එක් අතකින් මෙය සාධරනය,සංගීත බුද්ධිය අවම බහුතරයක් බාහිර ආටොපයට රැවටි බිහි කරන්නවු තරු වල අනාගතය බෙහෙවින් අදුරුය.එවන් අවස්තාවක නියම අවශ්‍යයතාව අදුරාගෙන ඔවුන්ව ඉදිරියට ගෙන ඒම පැසසිය යුත්තකි.කාරනාව එසේනම් කිමටද මේ යථාර්ථවාදී වචන, කෙටි පණිවිඩ මනාප.කෙසේ වුවත් මෙම සම්ප්‍රදායන් වෙනස් කිරීමට උත්සාහ කිරීම බීරි අලින්ට වීනා වැයීමක් වැන්නය.සති අන්තයේදි ගීතයක් රස විදීමට ඔවුන් ලබාදී ඇති අවස්ථාව අගය කලයුතු අතර ඒවා රස විදින අතරතුර මේවහි යථාර්තය නියම ලෙස වටහාගැනීමද විවෘත මනසකින් යුතුවද සිටීමෙන් වඩා වැඩි රසවින්දනයක් ලබා ගත හැකි බව මාගෙ විශ්වසයයි.

8 comments:

Unknown said...

මං හිතන්නේ දෙරණ ඩ්‍රිම් ස්ටර් ඉදිරියෙන් සිටිනවා.මොක ද සිරස මුල ඉදලම තරගකරුවන් හැල්ලු කලා.ඒ ගොල්ලො ඇමරිකාව වගෙ කරන්න ගියේ.ඒත් එක කරගන්න බැරි වූනා.

මද්දු said...

ඇත්ත,නමුත් සිරස වටා එක් රොක් වෙච්ච ජනතාවක් ඉන්නව ඔය හෑල්ලු කිරීම නරඹන්නම,එයාල එකෙන් වින්දනයක් ලබනව. මම මෙතන සලකා බැලුවෙ ප්‍රසිද්ධියයි,නමුත් ගුණාත්මක භාවය අනුව දෙරණ ඉදිරියෙන් ඉන්නව කියල මාත් පිලිගන්නව.

Unknown said...

ප්‍රසිද්ධියත් ගත්තා ම එත් දෙරණ ඉදිරියෙන් ඉන්නවා.මේ WORD VERIFICATION අයින් කරගන්න.නැත්නම් කට්ටිය පොස්ට් කරන්නේ නැතිවෙයි....

මද්දු said...

WORD VERIFICATION අයින් කලා.ස්තුතියි අදහසට.
මට නම් ඒක පිලිගන්න අමාරුයි.සංඛ්‍යාලේකන අනුවත් (ratings)මං හිතන්නෙ සිරස පොඩ්ඩක් හරි දැනට ඉදිරියෙන්.නමුත් දෙරණට හොද අනාගතයක් තියනවා.ප්‍රෙක්ශකයගෙ බලාපොරොත්තු කඩ නොකර ගියොත්.

පැලැස්තර said...

දෙරණ හොදයි.. බැලුවාම ඒක ඕන කෙනෙකුට පේනවා..

මද්දු said...

සතුටුයි දෙරණට ඉන්න ප්‍රේක්ශක ප්‍රමාණය දැක්කම.

Raven said...

"සති අන්තයේදි ගීතයක් රස විදීමට ඔවුන් ලබාදී ඇති අවස්ථාව අගය කලයුතු අතර ඒවා රස විදින අතරතුර මේවහි යථාර්තය නියම ලෙස වටහාගැනීමද විවෘත මනසකින් යුතුවද සිටීමෙන් වඩා වැඩි රසවින්දනයක් ලබා ගත හැකි බව මාගෙ විශ්වසයයි."

අනිවාර්යෙන්ම. හරියට රෙස්ලිං තරගයක් බලනවා වගේ.

සිරස සුපර්ස්ටාර් පලමු තරගවටය අලුත් අද්දැකීමක් උනා. ඒ නිසා උනන්දුවෙන් නැරඹුවා මතකයි ඒක. ඒ වෙද්දි American Idol නරඹලා තිබුණත් සිරස සුපර්ස්ටාර් තරගයේ යම් කිසි වෙනසකුත් තිබ්බා American Idol හි සම්පූර්ණ පිටපතක් නොවෙන.

නමුත් දෙවැනි සීසන් එක වන විට ඒ උනන්දුව ගිලිහුණා.ගායනයට අමතරව ඉන් එපිට බාහිර සිදුවීම් විකාශය කිරීමට(තරගකරුවන්ගේ බැන වැදීම්, හාස්‍යමය ජවනිකා) වැඩි කාලයක් වෙන්වීම ඊට එක හේතුවක්.

දෙරණ නම් නැරඹුවේ නැති නිසා මට යමක් ප්‍රකාශ කරන්න අමාරුයි.

දිගටම ලියන්න සහෝ.

මද්දු said...

ස්තුතියි සහෝ